දකුණු වියට්නාමයේ සංඝනායක හිමිනමක් වූ පූජ්‍ය පාම් වැන් චැං හිමියන් ප‍්‍රමුඛ බෞද්ධ දූත පිරිසක් පසුගිය දා ලංකාවට වැඩම කළහ. උන්වහන්සේලා කොටවෙහෙර දැලිවල රජමහා විහාරයේ සර්වඥ ධාතුන්වහන්සේලා වැද පුදා ගැනීමෙන් අනතුරුව මහනුවර දළදා මාළිගාවට වැඩම කොට උතුම් දළදා වහන්සේ වැදපුදා ගත්හ.
කොළඹට පැමිණි අවස්ථාවේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම බෞද්ධ දූත පිරිස අරලිය ගහ මන්දිරයේදි පිළිගනු ලැබිණ. අනතුරුව විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ මෙම දූත පිරිස විපක්ෂ නායකවා සමගද පිළසදරකට එක්වූහ.
අම්බලන්ගොඩ අලුත්වල පුරාණ නන්දාරාමයේ ආගමික වැඩ සටහන් කිහිපයකට සහභාගි වූ මෙම බෞද්ධ දූත පිරිස එහි දහම් පාසල් දරු දැරියන්ට ත්‍යාග ප‍්‍රදානය කළහ. ගාල්ල මකුලොළුව ශ‍්‍රී බුද්ධසිංහාරාමයේ සර්වඥ ධාතු පූජාවකට සහභාගීවීමෙන් පසුව මුල්ලේරියාව උතුර ගලහිටියාව පුරාණ විහාරස්ථානයේදී සියය ඉක්මවූ මහ සඟරුවන විෂයෙහි සාංඝික දානමය පිංකම සඳහා ප‍්‍රධාන අනුග‍්‍රහය දැක්වූහ. මෙම අවස්ථාවට වියට්නාමයේ ශ‍්‍රී ලංකා තානාපතිනිය ද සහභාගි වූවාය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලැල්ලේ සුමනසිරි නාහිමියෝ ද මෙම අවස්ථාවට වැඩම කළහ.
ශී‍්‍ර ලංකා සංචාරයේ අවසන් කොටසේදී අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනිය ස්ථාන වැදපුදා ගත් මෙම වියට්නාම බෞද්ධ දූත පිරිස උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද හමුවූහ.




2025 දෙසැම්බර් මස 18
693
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෞද්ධ දූත පිරිසක් ශී‍්‍ර ලංකාවේ සංචාරයක