( දසුන් රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බුද්ධි අංශ බොහෝමයක බුද්ධි අංශ තොරතුරු පොලිස්පති ලේකම් කාර්යාලයට නිසි අයුරින් නොලැබෙන බව පොලිස්පති ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් අචල දුෂ්මන්ත මහතා පාස්කු ඉරුදින බොම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අද (15) පැවසීය.

පොලිස්පති ලේකම් කාර්යාලයට බුද්ධි තොරතුරු ලැබෙනුයේ රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශයෙන් පමණක් බවද කොස්තාපල් අචල දුෂ්මාන් මහතා සඳහන් කළේය.
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කාර්යාලයේදී අද රැස්විය.
හෙට (16) පෙරවරු 9.30 ට මෙම කොමිසම යළි රැස්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd