(නිමල කොඩිතුවක්කු)
රටේ සංස්කෘතිය කෙරෙහි බුද්ධාගම බෙහෙවින් බලපා ඇති බැවින් ඒ මඟ පෙන්වීම මත ඉස්ලාම්, කතෝලික ජනතාව කටයුතු කිරීමෙන් ආගමික සහජීවනය ගොඩනැගෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
බේද භින්න පසෙක තබා බුදුදහමේ මඟ පෙන්වීම යටතේ සියලූම ජාතීන්ට සමානව ජීවත්විය හැකි අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලූම ශ්‍රී ලංකාකියන් කැපවිය යුතුව ඇතැයිද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සංවිධානය කළ ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදය පරදවන පංචවිධ සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ පදනම් ආයතනයේ දී අද (10) එක් වෙමින් අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.
‘‘බටහිර බලවතුන් රටවල් තුළ ආරවුල් ඇති කළ යුතුමයි. එසේ නොමැතිව ඔවුන්ට ආයුධ විකුණගන්න බැහැ. මේ ආරවුල් ඇති කිරීමට ජාතීන් ආගමිකයන් කෙටවීමේ වැඩපිලිවෙළකට ඔවුන් යනවා.
අපේ රටේ ජාතීන් දෙකක් අතර අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ශතවර්ශ ගණනාවක් එකට සහෝදරයන් ලෙස ජීවත් වු ජාතීන් දෙකක් එකිනෙකා මරා ගත්තා. අපි සිංහල දෙමළ මිනිස්සු ඇන කොටා ගෙන ඒ අයව පෝසත් කළා. ලෝක බැංකුවෙන් ණයට සල්ලි අරගෙන අපි ආයුධ අරගන්නවා. අපි හිඟන්නො බවට පත්වෙනවා. ඒ අය ධනය උපයා ගන්නවා.
මේ අයි. එස්. අයි. එස් සංවිධානය කියන්නෙත් ඒ වැඩපිලිවෙලේ කොටසක්, මේකට ඉස්ලාම් ජාතිකයන් සම්බන්ධ කිරීම වැරදියි. ඉස්ලාම් ආගම තුළ මෙවැනි දෙයක් කරන්න අවසර දෙන්නේ නැහැ. කුරානයේ ටිකක් ප‍්‍රශ්න තියෙන වගන්ති 26 ක් තියෙනවා කියලා මට මව්ලවිතුමන් කිව්වා. ඒ ඇර වෙනත් ප‍්‍රශ්න නැහැ.
අස්වලා මලික්කුම් කියන්නේ ඔබට සාමය වේවා. ඔබටත් සාමය වේවා කියලා තමයි උත්තර දේන්නේ. සාමය තමයි මේ ආගම් පදනම වෙන්නේ. ඒ නිසා මේක ඉස්ලාම් ආගමේ ප‍්‍රශ්නයක් නෙමෙයි.
වෙනත් බලවේග විසින් විවිධ ජාත්‍යන්තර මට්ටමේ ත‍්‍රස්ත සංවිධාන බිහිවෙන්න ඉඩ හැරලා වෙනස්කම් උලූප්පලා ඒ අයට ආයුධ නිෂ්පාදනය කරලා විකුණලා තමන්ගේ ආර්ථිකය පෝසත් කරන්න සාතාන්ගේ වැඩපිලිවෙලේ කොටසක් තමයි මේක.
මේ අන්තවාදයට ඉඩ නොදෙන්න ඉස්ලාම් ධර්මය අදහන අයට ලොකු යුතුකමක් තියෙනවා. තමන්ව අතකොලූවක් නොවෙන්න පාවිච්චි නොවෙන්න ඒ අයට වගකීමක් තියෙනවා. මම ඒ නායකත්වයට කියනවා අපි ඔබව තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් මේකට රැවටෙන තරුණ තරුණියන්ව නොමග යැවිමට ඉඩ දෙන්න එපා කියලා මම ඉල්ලනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කුරානයේ ටිකක් ප‍්‍රශ්න තියෙන වගන්ති 26 ක් තියෙනවා කියලා මට මව්ලවිතුමන් කිව්වා" එකක් දෙකක් නෙමේ. අපේ හාමුදුරුවෝ වදාළ දේවල් ඇත්ත. මුස්ලිම් කට්ටිය ඔක්කොම වගන්ති අත හැරලා ඔය 26 පස්සේ ගිහින් තමා කන්‍යාවියෝ 72 ලබාගන්න යන්නේ. අනික ඕක පියතුමාගේ කටින් කියන්න කලින් මුස්ලිම් ආගමික කට්ටිය කිව්වනේ කිසිම වැරදි දෙයක් කුරාණේ සඳහන් වෙලා නැහැ කියලා. අර එක පූජකයෙක් රුපවාහිනිය බිම වැටිලා ඇඬුවේ!
අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ වටිනා ඔවදන් අප ඉතා ඉහළින් අගය කරන්නෙමු. අප බෞද්ධයෝය. එනමුත් අප ඔබවහන්සේට මෙන්ම අනිත් ආගමික නායකයන්ටද ඇත්තේ අසීමිත ගරුත්වයකි. අපේ පන්සල. අපේ පල්ලිය. අපේ කෝවිල.. පමණක් තිබිය යුතු යන පටු අරමුණු අප තුළ නොමැති බවත් චිරාත් කාලයක් බෞද්ධ දර්ශනය සමග ගොඩනැගුණු අපේ සංස්කෘතිය සමග සමගියෙන් අන්‍ය ආගම් භක්තිකයන් සමගින් සැමවිටම කටයුතු කරන්නෝය. එහෙත් ඕනෑම ආගමක් තුළ ඕනෑම ජන කොටසක් තුළද තිරිසන්නුන් සිටින බව නොරහසකි. එවන් තිරිසනුන් නිසා රටක් විනාශවීමට ඉඩදිය නොහැකි බව අපගේ හැඟීමයි. මෙවන් අවස්ථාවලදිත් අපගේම නිවට දේශපාලකයන් තමන්ගේ මූසල ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ කිරීමත් අප ඉතාමත්ම තුච්ඡ ලෙස බැහැර කරන්නෙමු. දේශපාලකයන් කෙරෙහි ඔබවහන්සේගේ දක්වන අවංක ආකල්ප අප හදවතින්ම අගය කරන්නෙමු. දේශපාලකයන් යනු දෙයක් විනාශ කරන වඳුරන් බව මේ සෑම සිදුවීමකින්ම මනාව පැහැදිලි වන්නේය. ඔබවහන්සේට තිසරණ සරණයි..
ඔබතුමාට මේ රට ගොඩගන්න ජනාධිපති වෙන්න බැරිද?
ඔබ වහන්සේ වැනි ඇසූ පිරු තැන් ඇති උත්තමයකුගේ මෙවන් අදහස් වලින්වත්, හැමදේටම සිංහලයන්ට, විශේෂයෙන් සිංහල බොදුනුවන්ට බැට දෙන NGO කාරයන්ගේ ඇස් පෑදේවා..!
මම බෞද්ධයෙක් වුණත් හිමිපාණන් මේ දිනවල කිව්ව දේ හරිම වැදගත් අපේ ගෞරවය හිමිපාණන්ට මේ රටට වටිනා සේවය බොහෝ කාලයක් ලබාදීමට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබ වහන්සේගේ ඇදහීම කුමක් වුවත් රටකට අත්‍යවශ්‍ය වන්නේ ඔබ වහන්සේගේ වැනි අදහස් හා සිතීම් ඇති අයවලුන්ය. අප සියළු දෙනාගේ හා රටේ අනාගත සුබ සිද්ධිය සඳහා ඔබතුමාව මෙරට නායකකමට පත් කිරීමට අවස්ථාවක් ලැබේවා යයි අපි සියළු දෙනාම ප්‍රාර්ථනා කරමු.
ඔබ වහන්සේට අපි සැමදා අදරෙයි... අපි බුද්ධාගමේ..
ප්‍රවේසම් වෙන්න පියතුමනි, NGO කාරයෝ ටික දැන් ඔබතුමාටත් එළව එළවා ගහන්න පටන් ගනීවි...
සැබෑ ශ්‍රී ලාංකිකයකු ලෙසින් සියලු ජනකොටස් ඒකරාශී කරමින් ඉතා සංවරශීලීව සත්‍ය පහදා දෙන ඔබ වහන්සේට බොදුනුවකු ලෙසින් සිරස නමා ආචාර කරමි! ඔබ වහන්සේ මෙරට සියලු ආගමික නායකයන් හට පරමාදර්ශයක් බවද කිව යුතුමයි.
උගතුන්ට තේරෙන නූගතුන්ට නොතේරෙන අපි කාට කියම්ද?
දුටුගැමුණු එළාර යුද්ධය ඇති වුනෙත් බටහිර ආයුධ අලෙවිකරණය නිසාද කාදිනල්තුමා? අපේ රට තුළ ඇතිවී තිබෙන අර්බුදය අපි හරිහැටි තේරුම් ගත යුතුයි. නැත්නම් මාවතෙන් පිට පැන විසඳුම් සොයන්න ගියොත් සිදුවන්නේ ඉස්ලාම් අන්තවාදය වැඩි දියුණු වී මේ රට යුද පිටියක් බවට පත්වීමයි. ඉස්ලාම් මුලධර්මවාදීන් දරන මතය හරිහැටි තේරුම් ගත යුතුයි. වර්ගයා වැඩි කිරීමෙන් හෝ ආයුධ අතට ගැනීමෙන් රටේ සිංහල උරුමය පැහැර ගැනීමට යම් ජන කොටසක් උත්සාහ ගන්නේ නම් එය වළක්වාලීමට කටයුතු කිරීම පාලකයන්ගේ වගකීමයි.
ඔබ වහන්සේගේ කථාවේ කියනවා බටහිර ජාතීන් ජනතාව භේදකර, ගැටුම් ඇතිකර ආයුධ වෙළඳාම කරනවා. අපි උන්ටම ණයවෙවී යුද්ධකර හිඟමනට වැටෙනවා කියා. අපේ රටේ පාලකයින්ට රට, ජාතිය ආගමට වඩා ඕනෑකරන්නේ තමාගේ පවුල් පෝෂණය කරන්නත් තමාගෙන් පසුව දරුවන්ට පාලනය බාරදෙන්නත් පමණයි. වතුරේ ගසායන කෙනා බේරීමට තණකොලයේ එල්ලෙන්නාක් මෙන් මොවුන් බලය ගැනීමට ඕනෑම දූෂිතයෙකුගේ හෝ ත්‍රස්තයෙකුගේ පිහිට පතනවා. නැත්නම් පාතාල කණ්ඩායම් ඇතිකරනවා. විවිධ පක්ෂ ඇතිකරනවා එයින් ජාතිය සුලු සුලු කොටස්වලට බෙදෙනවා... පසුගියදා සිද්ධියට මෙතෙක් සිටි හා සිටින දේශපාලුවන්ගෙන් වැඩිදෙනෙක්ම වගකිව යුතුයි. එසේම වර්තමානයේ ගම් මට්ටමේ සිටින සියලු නිලධාරිනුත් ගමේ සිදුවීම් නොදන්නවා මෙන් සිටි නිසා නැතහොත් පරීක්ෂා නොකළ නිසා ඔවුනුත් වරදකරුවන් වෙනවා.
මනරම් වදන් වලින් සියලු දෙනාගේ හදවතට කතා කරන ඔබවහසේ ජීවමාන දෙවි කෙනෙකි. මා බෞධයෙක් හැටියට සිවුරු පොරවාගත් දුස්සීලයින්ට එක දෙයක් ප්‍රකාශ කරන්න කැමැත්තෙමි. සමහර බෞද්ධ නායකයින් යයි කියා ගන්නා දුෂිත දේශපාලකයන් පසුපස යන දුස්සීලයන් ඔබ වහන්සේගේ අගනා චරිතය ආදර්ශයට ගෙන තම ජීවිතය හරි මාර්ගයට යොමු කරගන්න හැකියාව ලැබේවා යයි පතමි.
අර අවුරුදු 24 කාලයේ සිංහලයින්ට දෙමළ ත්‍රස්තයින් ගහන කාලේ අපි ගැන කව්රුවත් දුක් වුනේ නැහැ නේද? මේ අතර ඒවත් මතක්වෙනවා. මතක්වීම සාධාරණයි නේද?
හැබැයි බුද්ධාගම් කාරයින් අන්‍යාගමිකයින් කරන්න ඉඩදෙන්න එපා. එ්කත් මතක තියාගෙන කටයුතු කරන්න.
මුසල්මානුවන් පමණක් නොවේ, බෞද්ධයින්ටද ඔබගේ බණ වැදගත්...
"බේද භින්න පසෙක තබා බුදුදහමේ මඟ පෙන්වීම යටතේ සියලූම ජාතීන්ට සමානව ජීවත්විය හැකි අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලූම ශ්‍රී ලංකාකියන් කැපවිය යුතුව ඇතැයිද අගරදගුරුතුමෝ සඳහන් කළහ... " හැබැයි කතෝලික පාසලකට බෞද්ධ දරුවෙක් දාගන්නකොට ඔය කියන සමානතාවය නැහැ .. කතෝලික දරුවෙක්ගෙන් රුපියල් ලක්ෂ 3ක් ගන්න කොට බෞද්ධ දරුවන්ගෙන් අවම ලක්ෂ 9 ක් ,12ක් ගන්නවා ඇතුලත්කර ගන්න ... කාදිනල් තුමා මේක ප්‍රතික්ෂේපකරනවද?? ..