(සිරංගිකා ලොකුකරවිට)
ගිං ගඟ මහ ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බැවින් බද්දේගම හා ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවට වහාම ආරක්ෂිත ස්ථානවලට යන ලෙස ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අනතුරු අඟවයි.
අද (25) දහවල් 12.00 වනවිට ගං ගඟ බද්දේගම ජල මාපකයේ අගය මීටර් 4.93 දක්වා ඉහළ ගොස් තිබිණි.
එහි මහ ගංවතුර මට්ටම දැක්වෙන්නේ මීටර් පහක් ලෙසිනි. තවදුරටත් පවතින අධික වැසි හේතුවෙන් ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS