(එච්. චන්දන )
හලාවත -පුත්තලම මාර්ගයේ ලුණුඔයට පෙරළී තිබූ කන්ටේනර් රථයක් අද (30) දහවල් ගොඩට ගැනීමට හැකි වී ඇත.
පෙරළී ගොස් තිබූ ලොරියේ බිත්තර ලක්ෂයක් තිබී ඇත.
මංගලඑළිය කුකුළු ගොවිපලක සිට මෙම බිත්තර තොගය වත්තල ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කරමින් තිබී ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (29) වැනිදා දිවා කාලයේ දී බිත්තර ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක ලුණුඔය පාලමේ ගැටී පෙරළී ගොස් තිබුණි.අනතුරින් ලුණුඔය පාලමටද හානි සිදුවී ඇත.අනතුරට පත්ව ඇති කන්ටේනර් රථයේ රියදුරු සහ එහි සහායකයා දිවි ගලවා ගෙන ඇත.
ලුණුඔයට පෙරළී තිබූ කන්ටේනර් රථය ගොඩට ගැනීම සදහා විශාල ප්‍රමාණයේ දොඹකර රථ දෙකක් උපයෝගී කර ගැනීමට සිදු විය.කන්ටේනර් රථය ගොඩ ගැනීම නිසා 30 වැනිදා පෙරවරුවේ පැයක පමණ කාලයක් හලාවත - පුත්තලම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇන හිටියේය.
මෙවැනි හදිසි අනතුරක් සිදුවූ විට හලාවත - පුත්තලම මාර්ගයේ ගමන් කිරීමට විකල්ප මාර්ග නොමැතිකම ගැටළුවක් බව ප්‍රදේශවාසීන් කියයි.
හලාවත පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.සමරවීර,උප පොලිස් පරීක්ෂක මංගල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


COMMENTS
එක බිත්තරයකටවත් කිසිම හානියක් වෙලා නැහැයිලු නේද .. ?
ඔයේ ලුණුත් තියනවා නම්, බිත්තරත් ඒකටම වැටුනානම්, ගම්මිරිස් ගෝනි දෙකතුනකුත් ඕකටම දාලා ලොකු ඔම්ලට් එකක් හදලා ගමු.
බිත්තර ලක්ෂයකින් ඔම්ලට් දැමීමෙ ලෝක වාර්තාවට ඉදිරිපත් වෙමු...
ලුණු බිත්තර, අවුරුදු සියයේ බිත්තර කියල බිත්තර කල්තබා ගැනීමේ ක්‍රම තියෙනවා. ලංකාවේ ඒවා භාවිතා නිවිම තමයි ගැටලුව.
රවී මොකද කෙකෙර ගාන්නේ?
බිත්තර ලොරිය තිබුනත් ඔයකට වැටිලා ... රුපියල් ලක්ෂ පහළොව වතුරෙහි නසිලා ... බිත්තර සහ ලුණුද ගෙන ඔම්ලට් හදලා ... කෑමට සැරසෙන්නේ මේ අය රස මරලා ....