IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බණ්ඩාර කොස්වත්තේ සිද්ධිය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් නොවේ

(විනීතා එම්. ගමගේ)
 
වාරියපොළ, බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේදී වෙළඳසැළකට පහරදුන්නැයි කියන සිද්ධිය, මැතිවරණයට අදාළ නොවන පෞද්ගලික ආරවුලක් යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.
 
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස මෙම සිද්ධිය වාර්තා වූ බවත් මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ දී එය පෞද්ගලික ආරවුලක් බව හෙළි වූ බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.
 
සිද්ධිය පිළිබඳව වෙළඳසැල් හිමියාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් බවත් එයින් ද තහවුරු වූයේ සිද්ධිය මැතිරණයට සම්බන්ධ නොවන බව යැයි කී ගජනායක මහතා ජනාධිපතිවරණයේ සාමකාමී බවට එම සිද්ධියෙන් හානියක් නොවූ බව වගකීමෙන් කිව හැකි බවත් කියා සිටියේය.
 
කෙසේ වෙතත් මැතිවරණය සාමකාමී හා නිදහස් මැතිවරණයක් බව තම මතය යැයි ද එය අනෙක් නිරීක්ෂණ සංවිධානද එම මතය තහවුරු කරන්නේ යැයි ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

බණ්ඩාර කොස්වත්තේ සිද්ධිය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site