( ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල පොලීසිය, රෝහල, ප්‍රධාන බස්රථ නැවතුම්පළ සහ නගරය වීඩියෝ ගත කරමින් සිටි මුස්ලිම් ජාතික තරුණයෙකු අද (11) හවස අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් පාරේ පදිංචි වයස අවුරුදු 30ක තරුණයෙකු බණ්ඩාරවෙල පොලීසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන මුස්ලිම් ජාතික තරුණයෙකු විසින් වීඩියෝ ගත කරන බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ස්ථාන වීඩියෝ ගත කිරීම පිළිබදව නිශ්චිත පිළිතුරක් මෙතෙක් ලබාදී නොමැත. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරීදි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ බණ්ඩාරවෙල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්ත විමර්ශන ඒකකයට දෙනවා නම් හොඳයි. නැත්තම් ඉතින් වැල්ලම්පිටිය වගේ වෙන්නත් පුලුවන්නේ...
බොරු වැඩ. ගූගල් මැප් ගිහිල්ලා ස්ට්‍රීට් විව් ගත්තම ඕක බලා ගැත්තකි සිරියාවේ ඉඳන්.