(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ ජනතාව රාමසාන් උත්සවය සමරන ආකාරය වාර්තා කිරීමට ගිය බණ්ඩාරගම ප්‍රාදේශීය වාර්තාකරු බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතාගේ වාහනයට අලාභහානි කොට , මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාල පැමිණිල්ල සම්බන්ධයෙන්, බණ්ඩාරගම පොලීසිය අපක්ෂපාතී පරීක්ෂණයක් නොකිරීම හේතුවෙන් , ඉන් ඉවත් කොට ඉදිරි පරීක්ෂණ බස්නාහිර පළාත් දකුණ දිශාව බාර අපරාධ කොට්ඨාසයට පැවරිමට, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (16) පියවර ගත්තේ ය .
ඒ අනුව සිද්ධිය වන අවස්ථාවේ දී ලබා ගත් ඡායාරූප සි සි .ටි.වි දර්ශන හා වීඩියෝ දර්ශන ලබා ගෙන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ද, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ,බස්නාහිර පළාත දකුණ දිසාව බාර අපරාධ කොට්ඨාසයේ , අධ්‍යක්ෂ, ජේෂ්ඨ පොලිස් අධිකාරී, ලලිත් අබේසේකර මහතාට උපදෙස් ලබා දුනි.
ඉකුත් 24 දා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ජනතාව නිරෝධායන රෙගුලාසි වලට අනුව රාමසාන් උත්සවය පවත්වන බව ට අටලුගම පල්ලි සංගමයේ සභාපති නජිම් හජ්ජියාර් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබූ අතර ,ඒ පිළිබඳව මාධ්‍ය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතා එම ප්‍රදේශයට ගොස් තිබුණි .
එහිදී මාරාව පල්ලිය සහ පුංචි පල්ලිය අවට වීඩියෝ දර්ශන ලබා ගෙන මෝටර් රථයේ නැගී නැවත නිවස බලා එමින් සිටියදී 200 කට අධික පිරිසක් මෝටර් රථය හරස් කර මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතාට බැන තර්ජනය කර මෝටර් රථයට ද අලාභ හානි සිදු කර තිබුණි.
අදාළ සිද්ධිය පිළිබඳව එදිනම සවස පනහකට අධික පිරිසකගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද සමඟ මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් මහතා බණ්ඩාරගම පොලීසියේ පැමිණිල්ලක් සිදු කෙරිණි.
ඒ අනුව ඊට පසු දා සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පස් දෙනකු පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පරීක්ෂණ උදාසීන මට්ටමක සිදු ව තිබුණි .
මේ පිළිබඳව මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතා වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබුණි .
ඒ පිළිබඳව සොයා බැලීමට අදාළ පැමිණිල්ල බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා යොමු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරගම පොලිසියේ රාළහාමිලා රහවැටිලා... ඉතින් කොහොමද අපක්‍ෂපාතීව පරීක්‍ෂණ කරන්නේ...?
සමහර පොලිස් ස්ථානවල මහත්වරුන්ට මාධ්‍ය ඇලජික්... සමහර පොලිස් මහත්වරුන්ට නිරෝධායනයත් ඇලජික්.. මේ ළඟදී පොලිස් ස්ථානාධිපතිවරයෙකුත් නිරෝධායන නීතිරීති කඩලා අගමැතිතුමා ආව උත්සවයකටත් ඇවිත් හිටියලු...
නිවැරදිව ක්‍රියා නොකළ බණ්ඩාරගම පොලිසියේ සේවකයින්ටත් දඬුවමක් දිය යුතුයි. නැත්නම් මේක සෙල්ලමක් කරගනීවි..
එක පැත්කට පක්පාෂතිව කටයුතු කිරිම සමහර පොළිස් ස්ථානවල සමහර නිලධාරින් අතින් සිදු වෙනවා.
නිරෝධායන නීති කඩකිරීම කාටත් එක වගේ තිබිය යුතුයි. ඇඳිරිනීතිය පවතින වෙලාවේ මාර්ගයට පැමිණීම, හෙල්මට් නොමැතිව යතුරුපැදි වල ගමන් කිරීම, මුඛ ආවරණ භාවිතා නොකිරීම, තර්ජනය කිරීම, වාහනයට පහරදීම, ආදිය අටළුගම පොලිසියට වැරදි ලෙස නොපෙනේද?. රාජකාරිය නොකිරීම වරදක් නොවේද? නීතිය කාටත් සමව ක්‍රියාත්මක කරන්නේ මෙසේද?
මේ අය දන්නවා සල්ලි දීලා ඕන කෙළියක් කරන්න පුළුවන් කියලා මේ රටේ. හැබැයි හැමදාමත් හැම තිස්සෙම හැමෝම සල්ලි දීලා ගන්න බැරි බව මතක තියාගනිල්ලා.
ඔයා පාට කණ්ණාඩි දාන අය ටිකක් අෑත්කරලා තියන්න.. කෝකටත් ඇඟට ගුණයි.