(ඉන්දිකා රාමනායක)
බණ්ඩාරගමදී පොලිසිය අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 192 කේ වටිනාකම රුපියල් කෝටි 200 කට අධික බව පොලිසිය පවසයි.
මෙම හොරොයින් ජාවාරමේ ප්‍රධාන සැකකාරිය ඇරැව්වල නිවසකින් නිල් දියමන්තිය සොරා ගත් මාතර මල්ලි නැමැත්තා ගේ බිරිඳ බවත් අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනා ඇගේ සහෝදරයා හා සහෝදරයාගේ පෙම්වතිය බවත් පොලිසිය පැවසීය.
මෙම හෙරොයින් ඉරානේ සිට මුහුදු මගින් මිරිස්සට රැගෙනවිත් පසුව අධිවේගී මාර්ගය ඔස්සේ බණ්ඩාරගමට රැගෙනවිත් ඇති බව පොලිසිය කීය.
නිවසේ තිබී අත්අඩංගුවට ගත් පිස්තෝල 10 අති නවීන පිස්තෝල බවත් ඒවා ඇමැරිකාවේ , පාකිස්ථානයේ, ඔස්ට්‍රියාවේ සහ චීනයේ නිෂ්පාදිත පිස්තෝල බවත් මේවා ආරක්ෂක අංශ පරිහරණය කරන ඒවා බවත් පොලිසිය පවසයි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)




COMMENTS
මේවා වල අයිතිකාරයන් ඉන්නේ දියවන්නාවේ මැද දෝ මන්දා....!!!
මේවා ෂුවර් එකටම පොහොට්ටුවෙක්ගේ වෙන්නැති.
මේවා කාගේද? බලවත් දේශපාලුවන්ගේ විය හැකිය..
අනුමානයක් නැහැ. පොහොට්ටුවේ කවුරුහරි දේශපාලුවෙක් ගෑවිලා ඇති. මහ මැතිවරණයක් ආවොත් අතපය දිගහැරලා වියදම් කරන්න කුඩු මුදලාලිලාගේ පිහිටත් ඕන වෙනවනේ...
ප්‍රතිඅපනයනය කරන්න තියෙන්නේ.
මට ආරංචි විදිහට ඕවා පොලිසිය හරහා නැවතත් අර ටීවී මාධ්‍යයට යනවාලු..
එදත් කුඩු කන්ටේනර් පිටින් ගෙනාවා.. ඇවිත් මාස 2 මෙන්න බඩු... සුබ අනාගතයක්ද? යහපාලනයක්ද..? මේක...?
මේ කුඩු මීගමුවේ අරයගේද නැත්තම් කාගෙද මන්දා නගෝ.
ප්රශ්නය.. මේකත් දනුෂ්ගේ එකවුන්ට් එකට දාන්නේ නැතුව ඔය අල්ල ගත්ත කට්ටියගෙන් ප්‍රශ්නකරලා ඔය කල්ලියේ සැබෑම මහා මොලකරු සහ හිමිකරුවා හොයාගන්න ලංකාවේ පොලිසියට ඇත්තටම බැරිද? පිළිතුර බැහැ.. හේතුව... යට ගහන්න කියා ඉහළින් බලපෑම් එන නිසා..
මම හිතන්නේ කොලොම්බියාවේ, මෙක්සිකෝවේ වගේ දැන් ලංකාවේත් කුඩු කියන්නේ ජාතික ආදායමේ කොටසක් වෙලා. කොලොම්බියාවේ සහ මෙක්සිකෝවේ කුඩු රජවරු තෝරන්නේ පවතින රජයයි. එහිදී රජය කුඩු රජෙක්ව තෝරා ඔහුට බලය සහ ආරක්ෂාව දෙනවා ව්‍යාපාරය [අපනයනය] හොඳින් කරගෙන යන්න. කුඩු රජාගෙන් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයින්ට කොටස් දීම සහ සියලුම ඡන්දවලදී බරපැන දැරීමයි. මොන පක්ෂය බලයට ආවත් ඔවුන් රජෙක්ව තෝරනවා. දැන් මෙහෙත් එහෙමද කියලා සැකයි.
නිතර මෙවැනි තොග අසුවූවත් කිසිදා මෙහි මහමොලකරුවන් අසුවන්නේ නැත. ඔවුන්ට දේශපාලන රැකවරණ ලැබෙනවා හෝ ඇතැම්විට කෙලින්ම දේශපාලකයින් හරහා මේවා සිදුවනවා හෝ විය යුතුයි. ගරු ජනාධිපතිතුමනි, බැටළු සම් පොරවාගත් වෘකයින් සොයා දැඩි දඬුවම් ලබාදෙන්න. අප ඔබගෙන් බලාපොරොත්තුවන එක ප්‍රධාන ක්‍රියාවක් වනුයේ මෙයයි. මෙතෙක් සිටි කිසිවකුට ඊට ශක්තියක් තිබුණේ නැත...
ඔය ඇවිත් ඉන්නේ බලන්න... දැන් කියන්න ඕකේ රිලීස් කරන්න කියලා.
දේශපාලුවන් කීදෙනෙක් මේකට සම්බන්ධයිද කියලා ඔක්කෝටම කලින් හොයලා දඬුවම් කරන්න ඕනෑ..
මෙච්චර වටිනවානම් සමහරවිට හෙරොයින් වාෂ්ප වෙන්නත් බෙරි නැහැ.