IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බඩේ දරුවාටත් කොරෝනා

(සිරංගිකා ලොකුකරවිට)

කොරෝනා ආසාදිතව සිටි මවකගේ කුස තුළ දී මියගිය සති 37ක් වයසැති බිළිඳු කළලයකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයක දී අනාවරණය වී තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය පවසන්නේ එම කළලයේ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීම මගින් කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීමට හැකිවූ බවයි.

මෙලෙස මළ දරු උපතක් සිදුකර ඇත්තේ ගාල්ලේ දඩල්ල මහමුදලිමාවතේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කරන්දෙණිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට සුව වී යළි නිවසට පැමිණ සිටි ඇය පසුගිය දා සිය තුන්වැනි දරු ප්‍රසූතිය සදහා මහමෝදර රෝහලට ඇතුළත් වී ඇත. පසුගිය 31 වැනි දා ඇගේ නූපන් බිළිඳිය කුස තුළම මියගොස් ඇත.

මෙම මළ සිරුර සම්බන්ධයෙන්  කාරපිටිය ශික්ෂණ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍ය දන්දෙණියආරච්චි මහත්මිය එම සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා ඇත. දරුවාගේ මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වක් ද නැතිනම් වෙනත් හේතුවක් ද යන්න පිළිබඳ තීරණය කිරීමට සිදුවන්නේ එම වාර්තා ලැබීමෙන් පසුව බව වෛද්‍ය දන්දෙණිය ආරච්චි මහත්මිය කියන්නීය.

 



අදහස් (0)

බඩේ දරුවාටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site