
බඩු මිල, පොහොර අර්බුදයට විසැඳම් ඉල්ලා දිවයින පුරා ස්ථාන කීපයකදී අදත් විරෝධා කීපයකදී අද පැවැත්විණි. මහනුවර, මහරගම දී මෙසේ විරෝධතා පැවැත්විණි.
එහිදි විරෝධතාකරුවෝ "බඩු මිල වහා අඩු කර ජනතාවට සහන ලබා දෙනු " රුපියල් කෝටි විසිදහසක තෙල් මිල පාලන අරමුදලට සිදු වූ දේ රටට හෙළිකරනු, බොරු කතා එපා බඩු මිල අඩු කරනු , ජනතාව කබලෙන් ලිපට වහා බඩු මිල අඩු කරනු, යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නියැලුණහ.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය , අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ , ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මේ අතර පොහොර ගැටළුවට විසඳුම් ඉල්ලා සහ උද්ඝෝෂණවල නිරත වන වෘත්තීය සමිති නායකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් මර්දනය වහා නවත්වන්නැයි රජයට බල කරමින් ප්‍රජාතාන්ත්‍රවාදය සඳහා වූ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද සවස මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිටදී සිදු විය.
මෙම විරෝධතාවයට එක් වූ විරෝධතා කරුවන් විවිධ විරෝධතා පුවරු රැගෙන ඉල්ලා සිටියේ වෘත්තිය සමිති නායකයින් සහ සිවිල් ක්‍රියාකාරින් මර්දනය වහා නවත්වන ලෙසත් ගොවීන්ට අවශ්‍ය පොහොර ඉතා ඉක්මනින් ලබා දීමට පයවර ගන්නා ලෙසත්ය.
(ඡායාරූප ශාන්ත කුලරත්න)


(මහනුවර පැවැති උද්ඝෝෂණය ඡායාරූප මොහොමඩ් ආසික්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ලක්ෂයටවත් මිල අඩුකරලා දෙන්න ක්‍රමයක් නැද්ද? අනෙක් අයට වැඩිවුණාට කමක් නැහැ. දැන් බලනකොට ඡන්දය දාලා මේ ආණ්ඩුවට අපිත් දුකට වැටිලනේ අපේ සර්...!!!
කොහොමද පෙන්නපු සෞභාග්‍යයේ දැක්ම..?. බලය අතට ගන්නකම් කරපු රැවටිල්ල... ජනතාව ගොනාට අන්දවපු එකයි සිද්ද වුනේ...
පාරේ බෝඩ් එල්ලන් ඉන්න වෙලාවේ ගෙදර ගිහින් එළවළු, අල, බතල ටිකක් හිටවා ගත්තා නම් ගොඩනේ... ?
බලාගෙනයි... අල්ලලා දවස් 14ක් නිරෝධායනයට දැම්මොත් පොඩි එවුන් දාලා හමාරයි... ඔක්කොම ඉන්නේ අම්මලානේ... ජයවේවා..!!!
රටේ අාහාර හිඟයකි අත ළඟ එන්නේ - කටේ බලය මිස නැත මුන් වැඩ දන්නේ - අටේ පන්තියට ගිය තඩි මැතිඳුන්නේ - ගැටේ ගලවලා පොහොරේ බෙදපන්නේ
අපිට ක්‍රෝටන් කොළ කන්න කිව්වා කාලේ මේ ගොතයින් කොහෙද දන්නේ නැහැ හිටියේ...?