IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බඩඉරිඟු ගබඩාකරුවන්ට - අතරමැදියන්ට රජයෙන් අනතුරු ඇඟවීමක්

(මනෝජ් හර්ෂික)

තොග ගබඩාකරුවන් සහ අතරමැදියන්, දේශීය බඩඉරිඟු තොග ඉදිරි සති දෙක තුළ නිදහස් නොකළොත් බඩඉරිඟු ආනයනය සඳහා ඉඩ ලබාදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (13) සඳහන් කළේය.

මේ වනවිට ගොවීන් ළඟ බඩඉරිඟු නැති බවත් තොග ගබඩාකරුවන් සහ අතරමැදියන් බඩඉරිඟු රඳවාගෙන සිටින බවත් අමාත්‍යවරයා එහිදී කීය. 

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ පැවැසීය.

රුපියල් 45 සිට 52 දක්වා මිලකට බඩඉරිඟු තොග, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා එම ව්‍යාපාරිකයන්ට නිදහස් කරන ලෙස තොග ගබඩාකරුවන් සහ අතරමැදියන් ඉල්ලීමක් කර ඇති බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු නිකුත් නොකළොත් ඉදිරියේදී මස් හා බිත්තර මිල ඉහළයාම සිදුවීමට ඉඩ ඇති බවත් ඉක්මණින් තොග නිදහස් නොකළහොත් බඩඉරිඟු ආනයනයට ඉඩ ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.



අදහස් (1)

බඩඉරිඟු ගබඩාකරුවන්ට - අතරමැදියන්ට රජයෙන් අනතුරු ඇඟවීමක්

Kumar Thursday, 13 June 2019 03:54 PM

චීනය අමෙරිකාවෙන් ආනයන කරන කෘෂි නිෂ්පාදන සඳහා බදු පනවා ඇති නිසා තව ටික දිනකින් ලෝක වෙළෙඳ පොලේ බඩඉරිගු මිල වැටෙන්න ඉඩ තිබෙනවා.

:       0       111

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site