(ඩී.ජී.සුගතපාල)
බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ වෙළඳසළක් අසල දී අද (15) අලුයම පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි බටපොල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ බටපොල කහටපිටිය පදිංචිකරුවකු වන පොන්නම්පෙරුම ආරච්චිගේ රංජිත් හෙවත් බේබි (40) නැමැත්තා බව හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා ඊයේ රාත්‍රි මීටියාගොඩ ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස් තවත් අයෙකු සමඟ යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී වෙළඳසල ඉදිරිපිට නවතා තිබේ.
එම අවස්ථාවේ පැමිණි කිහිප දෙනෙකු යතුරුපැදිය මතදිම තියුණු ආයුධවලින් පහරදී කපාකොටා මෙම ඝාතනය සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා බටපොල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd