(හර්ෂණ තුෂාර සිල්වා)
බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (17) ආරම්භ විය. බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය හෙට (18) සිට ලබන (28) වැනිදා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත වන අතර සති අන්තයේදී පැය 24ම විවෘතව පවතී.
දින 11 මුළුල්ලේ පවතින බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේදී සියයට 50ත් 90ත් අතර වට්ටම් පිරිනැමේ.
සාහිත්‍ය, ඉතිහාසය, ඉංග්‍රීසි භාෂාව, ගෘහ නිර්මාණ ශිල්පය, විද්‍යාව, නව යොවුන්, ළමා ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන පොත් ආදී අංශ ගණනාවක් ආවරණය කෙරෙන ලෝ ප්‍රකට පොත් ප්‍රකාශකයන් හඳුන්වාදෙන පොත් ලක්ෂ 16ක් මෙවර බිග් බෑඞ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයට එක්කර තිබේ.
මෙවර පොත් ප්‍රදර්ශනයට ඔග්මෙන්ටඞ් රියලිටි (augmented reality) පොත් එක් කර තිබීමද විශේෂත්වයකි.
ඔග්මෙන්ටඞ් රියලිටි තාක්ෂණයෙන් සමන්විත පොත් යනු, පොතේ තිබෙන ඡායාරූප යනාදිය ජංගම දුරකතනයකින්, ටැබ්ලට් පරිගණකයකින් තිරයකින් බැලූ විට ත්‍රිමාණ ආකාරයට සජීවීව එම ඡායාරූප යනාදිය පාඨකයන්ට පෙන්වීමට සැලැස්වීමය.
ප්‍රදර්ශනයට ඇතුළුවීම සඳහා කිසිදු මුදල් අය කිරීමක් සිදු නොකරන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව පොත් ප්‍රදර්ශනය පැවැත්වේ.
පොත් ප්‍රදර්ශනයට සමගාමීව ‘සෙන්ටර් ඔෆ් හෝප්’ සමඟ එක්ව පාසල් සිසු සිසුවියන්ට පොත් 500ක් පරිත්‍යාග කිරීමට ද බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයන් කටයුතු තිබේ. පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පාඨක ප්‍රජාවට ද ඊට දායක වීමෙන් පොත් ප්‍රමාණය වැඩි කිරීමට අවස්ථාව සලසා තිබේ.
පොත් ප්‍රදර්ශනයට පැමිණීමේ පහසුව උදෙසා බම්බලපිටිය බස් නැවතුම් පොළේ (කොළඹ විශාකා විද්‍යාලය අසළ) සිට බොරැල්ල බස් නැවතුම්පොළ දක්වා (ලංකා බැංකුව අසළ) නොමිලේ බස් සේවාවක්ද ආරම්භ කර ඇත. මෙම බස් සේවාව උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක වේ.



2025 නොවැම්බර් මස 21
43
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
151
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1005
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය ඇරැඹෙයි
ranga Thursday, 17 October 2019 11:37 AM
සජිත් මැතිතුමනි, ඔබ දිහා මුළු රටම බලා සිටිනවා. ටී.එන්.ඒ යෝජනා ඉවතලන්න. අපි අපේ පක්ෂය අලුතින් ගොඩනගමු.
අබිලින් Friday, 18 October 2019 12:47 AM
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය තිබෙන්නේ කොහේද.එහි යාමට හැකි මාර්ග මොනවාද
සුනිල් ගමගේFriday, 18 October 2019 03:13 AM
ඩී.ආර්. විජේවර්ධන මාවත (කොළඹ දුම්රිය පළ පිටුපස)
Informer Friday, 18 October 2019 02:52 AM
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බැස පිටුපස පිටවීමෙන් පිටවී දකුණට හැරෙන්න. බස් එකේ නම් කොටුවේ සිට ලේක්හවුස් වටරවුමෙන් නෙලුම් කුලුන දෙසට පයින් යා හැක
janaki Friday, 18 October 2019 04:45 AM
කොටුවේ සිට ලේක්හවුස් වටරවුමෙන් නෙළුම් කුලුන දෙසට පැමිණිය හැකිය
නෙළුම් Friday, 18 October 2019 08:19 AM
වේදිකා ප්‍රවේශ පතක් මිළට ගෙන කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරි පසින් ඇතුළුවී පිටුපසින් පිටවන්න. එවිට ඉදිරියෙන් පෙනෙනුයේ ප්‍රදර්ශණ හා සම්මේලන මධ්‍යස්ථානයයි.
Siri Saturday, 19 October 2019 06:06 AM
මේ සැරේ අරයගේ පොතක් නැද්ද මෙතන දොරට වඩන්න..?