
(තිළිණි ද සිල්වා)
අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට බංග්ලාදේශයේ බැංකු මණ්ඩලය අනුමත කර ඇතැයි එරට පළවන නිව් ඒජ් පුවත්සේවය වාර්තා කර ඇත.
එරට මහ බැංකු අධිපති ෆස්ලි කබීර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 23 වැනිදා රැස් වූ එම බැංකු මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් විනිමය හුවමාරු පහසුකමක් හෙවත් ස්වැප් පහසුකමක් ලෙස මෙම ණය මුදල ලබා දීම අනුමත කර ඇති බවද ඒම බංග්ලාදේශ් පුවත් වාර්තාවේ සදහන් වේ.
නීතිමය පරීක්ෂා කිරීම්වලින් පසුව බංග්ලාදේශ රජය අදාළ අවසන් එකඟතාවලට එළැඹෙනු ඇතැයි වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය මගින් සිදු කරන වියදම් පියවා ගැනීම සඳහා බංග්ලාදේශ මහ බැංකුව ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු පහසුකම සහනදායී පොලියක් මත ලබාදෙනු බවද එම වාර්තාවේ සදහන් වේ.
ඒ සඳහා එම වටිනාකමට සමාන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය බංග්ලාදේශ මහ බැංකුවේ තැන්පත් කළ යුතු අතර රජයේ වගකීම ද සහතික වී ඇතැයි එම බංග්ලාදේශ මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සදහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි අපි වැටුණු වැටිල්ලක්...!
ලැජ්ජයි. ලැජ්ජයි...!!!
ඩොලර් 200 ක ණයක්..!!! කව්ද මොනවද මේ ලියන්නේ..?
ඩොලර් 200 ?
බංග්ලාදේශ මිනිස්සු ග්‍රීසියේ පාරවල් වල හිඟා කනවා. ලංකාව ඒ මිනිස්සුන්ගෙන් ණයට ගන්නවා. දැන් බැලුවම අපි හිඟන්නොන්ටත් වඩා අන්තයි.
බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුනානේ, අපිට ලැජ්ජාව. අපි කොහොමද පිටරටක වැඩ කරන්නේ මහා අභිමානයෙන්.
මෙවැනි ණය ගැනීම් වර්තමාන ආර්ථික තත්වය යටතේ බලාපොරොත්තු විය යුතුයි. ඊට හේතුව නම්, දැන් අපට විදේශ විනිමය ලැබුණු සංචාරක කර්මාන්තය, විදේශ සේවාදායකයින්ගෙන් සම්ප්‍රේෂණ, ඇගලුම් අපනයන වැනි ආදායම් මාර්ග සියල්ලක්ම පහේ බිඳ වැටීමකට ලක්වී තිබීමයි.
සිම්බාබ්වේ, ගිනිබිසව්,සුඩානය, එරිට්‍රියාව,සෝමාලියාව, ගැම්බියාව,යේමනය වගේ රටවල් වලිනුත් ඉල්ලලා බලමු. නොදී ඉන්න එකක් නැහැ.
සෑම අවුරුද්දකට තුන් හතරවතාවක් කුණාටුවකට මුහුණ දෙන රටකින්....
වෙන රටක් තිබුනෙම නැද්ද.?
ඕකට තමයි මහින්ද මහත්තයා දවස්ගානක් බංගලාදේශයේ හිටියේ.
ඇත්තටම අහන්නත් ආසයි බංගලාදේශය එච්චර දියුණු වෙලා කියලා.
ලජ්ජාවේ බැහැ. මෙයින් වැටහෙන්නේ අප පත්වී ඇති තත්ත්වයයි. ඒත්, අපි කරන්නේ බොරුව කොරෝනා පිටින් දාගෙන. නැතිනම් මේ වගේ වෙලාවක මන්ත්‍රීන්ට වාහන ගෙන්වන්න හදාවිද ?
මොන ලැජ්ජාවක් ද මේ
69 ලක්ෂය. ඔබට දැන් සතුටුද.?
බංග්ලාදේශය කියන්නේ අපිටත් වඩා දුප්පත් රටක්.. රට වහලා ණය ගන්නවා...
රාජපක්ෂලා රටේ ගෞරවය නිතරම විනාශ කළා.
දැන් සැපද.?
මොනව උනත් බංගලියෝ මේ ණය ගැන පත්තරවල දාපු එක කැතයි. දැන් හැම බංගලියම දැනගන්නවා. දැන් නයි පෙනේ පෙන්නලත් ඉවරයි. උන් මෙි කොරොනා අස්සේ අපිට ණය දෙන්නෙ කොහොමද?
ලැජ්ජාවේ බෑ.
බංගලිදේශයෙන් ණයට ඩොලර් අරන් මන්ත්‍රිලට V8 ප්‍රාඩෝ. කොහොමද චින්තනය.
තව සැප වාහන ටිකක් ගන්න පුළුවන් වෙයි 225 ට .
බංග්ලාදේශයේ මිනිස්සු ඉතාලියේ කලර්ලයිට් ළඟ හිඟාකනවා... මල් ඉති විකුණනවා. අපේ පාලකයින් කරන දේ මහජනතාවට කොහෙත්ම පැහැදිලි නැති බව නම් පේනවා. මේ අය කරන්න යන්නේ රට හිඟන්නන්ට හරි ණය කරලා ඒ අයගේ සාක්කු පුරවාගෙන ඒ ගොල්ලන්ගේ පුරවැසිභාවය හිමි රටවලට හිමින් සැරේ පැනගන්නයි. සිංහල ජාතිය මහ කාලකන්නි ජාතියක් වෙලා.
රුවන්ඩාවෙන්, බංගලාදේශයෙන් උදව් ගන්න තත්වයට අපි අද පත්වෙලා. සෝමාලියාවෙන් උදව් ඉල්ලන්න වෙයි මේ යන විදියට. ඒ රටවල් ආර්ථික වශයෙන් දියුණු වෙලා කියන එකයි එ්කේ තේරුම. රට අාර්ථික වශයෙන් වැටුණාට පක්ෂ, විපක්ෂ දෙශපාලුවන් සහ ඔවුන්ගේ හෙන්චයියන් කියන දේශපාලන පැලන්තිය යහතින් වැජඹෙනවා. දැන්වත් මේ දේශපාලන ක්‍රමය වෙනස් කලයුතු බව ජනතාව තේරුම් ගත යුතුයි.
එහෙනම් ක්‍රිකට් මැච් පරදින්න හේතුව මේක තමයි...
සර් අපට ශුවර්...!!!
අර ඕන තරම් සල්ලි තියෙනවා කිව්වා ඇමති, වෙන ලංකාවකද මේ ණය ගන්නේ.?
දැන් මේ ඩොලර් මිලියන 200ක් වියදම් කර එන්නත් ගෙන්වන්න.
හිඟන්නන්ගෙත් හිඟන්නෝ.. ඒ වුණාට කට ඇරියොත් කතාව ලෝකේ අල්ලලා වගේ!
ඉස්සර අපි කිව්වේ හොඳම හිඟන්නන්ට "කැළණි හිඟන්නෝ" කියලයි දැන් ඒ කියමන ජාත්‍යන්තර කරණය වෙලා "ශ්‍රී ලන්කන් හිඟන්නෝ" බවට පරිවර්තනය වී නම්බු නාමයකුත් ලැබිලා. කාටද ආඩම්බර?? හැබැයි රට ඇතුලේ ගහන දේශප්‍රේමී පම්පෝරි ප්‍රෞඪත්වයයි, කයිවාරුවයි ඇහෙද්දී, අපට නම් අර කොහෙන්ද මන්ද හිනා යනවා.
ආසයි සර්... !!!
අතමාරු නෙමෙයි , අරන් මාරු...