IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බේකරි හිමියන් රැසක් රජයෙන් දුන් බදු සහන පාරිභෝගිකයන්ට දීලා

නව රජයෙන් කළ බදු සංශෝධනවල සහනය බේකරි හිමියන් බොහෝ දෙනෙකු දෙනෙකු දැනටමත් පාරිභෝගික ජනතාවට ලබා දී ඇති අතර කිසියම් සහනයක් ලබා නොදුන් බේකරි හිමියන් වෙතොත් ජනතාවට යම් සහනයක් දෙන ලෙස සංගමය ඔවුන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ‘‘ලංකාදීප‘‘ යට ලිපියක් එවමින් කියා සිටී.

සංගමය මෙම ලිපිය එවා ඇත්තේ ‘‘රජය ජනතාවට දුන් බදු සහන බේකරි, හෝටල් සහ අවන්හල් හිමියන් කොල්ලකනවා - ආදායම් කොමසාරිස් ජනරාල් කියයි‘‘යන සිරස්තලය යටතේ ‘‘ලංකාදීප‘‘ය ඊයේ (19) පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයේන කරුණු පැහැදිලි කරමිනි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සහ භාණ්ඩාගාරික මහින්ද රණසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් එවා ඇති මෙම ලිපියේ මෙසේද සඳහන් වේ.

නව රජය යටතේ සිදු කරන ලද බදු සංශෝධනයක්ගේ සහනය බොහෝ බේකරි හිමියන් විසින් දැනටමත් පාරිභෝගිත ජනවතාවට ලබා දී ඇති අතර තවමත් කිසියම් සහනයක් ලබා නොදුන් බේකරි හිමියන් වෙතොත් යම් සහනයක් ජනතාවට ලබා දෙන ලෙස අප සංගමට ඔවුන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.

බදු සංශෝධනයත් සමග බොහෝ අමුද්‍රව්‍ය මිල අඩු වනවා වෙනුවට මිල ඉහළ ගිය අතර ඒ අතරින් එළවලු මාගරින් සහ පාම් තෙල් (pam oil) මිල වැඩිවීම කර්මාන්තයට දැඩි ලෙස ලබපාන ලදී. එසේම වර්ෂයක පමණ කාලයක සිට බිත්තර මිල ද අධික ලෙස වැඩිවී ඇති අතර මෙම සියලු භාණ්ඩ වල මිල වැඩිවීම හේතුවෙන් කුඩා පරිමාණයේ බේකරියකට පවා දිනකට රුපියල් 5000/= කට අධික මුදලක් අමතරව දැරීමට සිදුව ඇත. එම තත්වය තුළ වුව ද බේකරි හිමියන්  විශාල ප්‍රමාණයක් වේ වන විටත් පාරිභෝගික  ජනතාවට බදු සහනය ලබා දී ඇත.

එමෙන්ම අප සංගමය පසුගිය සඳුදා දින (2020 පෙබරවාරි 17) දේශීය ආදායම් කොමසාරිස්තුමා සමග මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර බොහෝ බේකරි ආයතන මිල අඩුකර ඇතත් මිල අඩු නොකරන ලද බේකරි වෙත අප සංගමය ප්‍රසිද්ධ දැන්වීම් සහ  මාධ්‍ය සාකච්ඡා මගින් එම සහනය පාරිභෝගිකයින් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින වග පොරොන්දු විය.

 



අදහස් (1)

බේකරි හිමියන් රැසක් රජයෙන් දුන් බදු සහන පාරිභෝගිකයන්ට දීලා

JF Thursday, 20 February 2020 06:41 AM

අපිට නම් බදු සහන ලැබුනේ නෑ. පාන් කන්නේ පරණ මිලටමයි. කාටද ඔය සහන දීලා තියෙන්නේ.

:       0       127

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 652 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 319 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site