
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බාල චන්ද්‍ර පුෂ්පරාජ් හෙවත් ’පූ කුඩු කන්නා’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුෂන් පාර මහල් නිවසක දී අද (24) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරු සමඟ හෙරෙයින් ග්‍රෑම් 27, අයිස් ග්‍රෑම් 8, කඩුවක්, කලාකිරිඤ්ඤ එකක්, රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා රන් භාණ්ඩ හා මුදලින් රුපියල් 105,000 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
COMMENTS
මේ පූ කුඩු කියන්නේ මොකද?