IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොළොව ගිලා බැසීමෙන් නාවලපිටියේ පවුල් 5 ක් ඉවත් කරති

(රංජිත් රාජපක්ෂ)    

නාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය තෙලිස්සාගල හුණුගල්ඔය ප්‍රදේශයේ පොළොව ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම ගම්මානයේ පවුල් පහකට ඉන් ඉවත්වන ලෙස ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා දැනුම් දී තිබේ.

නාවලපිටිය කැටබුලාව ප්‍රධාන මාර්ගය යාබදව පිහිටි තෙලිස්සාගල හුණුගල් ඔය ගම්මානයට කොත්මලේ ජලාශය ඉදි කිරීමේදී  එහි අවතැන් වූ පවුල් 300 පමණ ගෙනවිත්  පදිංචි කර ඇති අතර තේ කර්මාන්තය ජිවනෝපාය කරගත් එම ගම්වාසින් පවසන්නේ මිට දින කිහිපයක සිට තම නිවැස් වලට පහළින් කුඩා වළක් ඇති වු බවය. එම වළ මේ වන විට දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් ගැඹුරට ප්‍රසාරණය වන බවත් තවද පදිංචි නිවාස බිත්ති ඉරිතලා පුපුරා ඇති බවද  ගම්මු පවසති.

එම වළට යාබදවම තේ වත්තේ ස්ථාන කිහිපයකින් එක වරම ජලය කාන්දුවීමක්ද සිදු වන බවත්, පවත්නා තත්ත්වය මත තම නිවාසවල පදිංචිව සිටිමට නොහැකි නිසා ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයාව දැනුවත් කර ග්‍රාමසේවා නිලධාරිවරයාගේ උපදෙස් පදිරි තමන් රාත්‍රි කාලයේදි පමණක් නිවාස වලින් බැහැරව ඥාතීන්ගේ නිවාසවල සිටින බවද ඔවුහු කියති.

තෙලිස්සාගල හුණුගල්ඔය ගම්මානය ගිලා බැසිම සම්බන්ධයෙන් අප කොත්මලේ ප්‍රාදේශිය ලේකම් සුරංගි පෙරේරා මහත්මියගේන් අප කළ විමසුමකට ඇය පවසා සිටියේ එම ගම්මානයේ ස්ථානයක් ගිලා බැසිම සමබන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දිමක් සිදු කර ඇති බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් පැමිණ පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන තෙක් තාවකාලිකව නිවාස පහක පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් ලබා දි ඇති බවයි.



අදහස් (1)

පොළොව ගිලා බැසීමෙන් නාවලපිටියේ පවුල් 5 ක් ඉවත් කරති

sharm warn Thursday, 01 August 2019 06:27 AM

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විතරක් නෙමෙයි, මට හිතෙන හැටියට භූ විද්‍යා හා පතල් කැනීම් දෙපාර්තමේන්තුවත් මේ ගැන සෙවිය යුතුයි. ජනතාව ඉවත් කළ පමණින් ප්‍රශ්නය විසඳෙනවද? හුණුගල් ඔය කියන නමින්ම තේරෙන්නේ නැද්ද ඒ ගමේ පොළොවේ යට හුණුගල් ස්තර තියෙන බව? එහෙම වුණාම ඒ හුණුගල් තට්ටු අතරින් ජලය ගලනකොට හුණුගල් ඛාදනය වෙලා පොළොවේ ගිලාබැසීම් ඇති කරනවා.. අවට ඇති වනාන්තර ඉවත් වීමත් හේතුවෙන්න පුළුවන් ... ජනතාව පදිංචි කරවන විට මේවා සොයා නොබලා කටයුතු කර ඇති බව තමයි පෙනෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 673 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site