
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල නගරය ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කරයි.
නගරය හරහා ගමන් කරන වාහන විකල්ප මාර්ග ප්‍රයෝජනයට ගන්නැයි ද දැනුම් දෙයි. පිළියන්දල විද්‍යාල හන්දියේ සිට සංඥ පද්ධතිය දක්වා කොටස වසා දමා ඇත.
පිළියන්දල වෙළෙඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් වාර්තා වීමෙන් පසු මෙම තීරණයගෙන ඇත.
හොරණ සිට මොරටුව දෙසට ගමන් කරන වාහන විද්‍යාල මාවත ද කොළඹ දෙසට ගමන් ගන්නා වාහන කැස්බෑව විකල්ප මාර්ගය භාවිත කරන්නැයි ද පොලිසිය ඉල්ලා සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලඳ ප්‍රජාවගේ ඉල්ලීම නිසා පිළියන්දල අරින්න, මැදිහත් වුණා කියලා අර ලොකුගේ ලොක්කා කිව්වා නේද? දැන් ඔය පොකුරට ලොකුගේ පොකුර කියලා නම දාමු.
අයියෝ ලොක්කා හෙට යවනවා... බුදු සරනයි...!!!
මිනිසුන්ට පෙර ලොකුගේට ඇතුළුවීම තහනම් කරන්න...