
(ඩයනා උදයංගනී)
2022 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් භාරගන්නා කාලය අගෝස්තු මස 7 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (19) පැවසීය.
අයදුම්පත් භාරගැනීම දිනය ජූලි 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණත් රට තුළ පවතින තත්වය අනුව එය තවත් සතියකින් කල්දැමීමට තීරණය කළ බව ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS