(ඩයනා උදයංගනී)
පාසල් පෙළ පොත්වලින් දරුවන්ගේ හිත් තුළට ඇතුළු කරන මතවාදයන් ගැන කඩිනමින් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (27) පැවසීය.

මෙම යුගයේදී විශේෂයෙන්ම දරුවන්නේ හිත් තුළට ඇතුළු කරන්නේ මොනවද යන්න ගැන ප‍්‍රවේසම් විය යුතු බව කී අගමැතිවරයා විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන මෙරට අධ්‍යාපන ක‍්‍රමයට බොහෝ සියුම් ලෙසින් මැදිහත් වී තිබෙන බව ද සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ වවුනියාවේ ඉරට්ටපෙරියකුලමේදී අද (27) පැවති සමස්ත ලංකා දහම් පාසල් සිසු ජාතික මහෝත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද කියා සිටියේය.
‘‘ විශේෂයෙන්ම මේ අපි ළමයින්ගේ හිත් තුළට දාන්නේ මොනවද කියන එක ගැන ප‍්‍රවේසම් වෙන්න ඕන යුගයක්. විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක‍්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත් වෙලා තියනවා. මේ රටේ ප‍්‍රධාන පෙළේ විද්වත් භික්ෂූන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරල තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා. ඒකත් එක්කම සමහර අච්චු පොත්වල උතුරු නැගෙනහිර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙන බව ගිහි සංවිධාන පෙන්වලා දුන්නා. සිංහල අලූත් අවුරුද්දත් සමහර පොත්වලින් හලළා.
අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල, දෙමළ, ක‍්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන්, ළමුන් සහ ගුරුවරුන්, ළමුන් හා ආගම් අතර, සම්බන්ධතා බිඳ දමන්න, ඉතාමත් බලගතු වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා. ඒ ගොල්ලෝ මේ අරමුණු ඉටුකරගන්න වැඩසටහන් පටන්ගන්නේ පාසල්වල බාලාංශයේ ඉඳලා. එතකොට අවුරුදු කිහිපයක් ගත වුණාම කවුරුවත් දන්නෙ නැතුවම සිංහල මිනිසුන්ගෙ හිත් ඉබේම වෙනස්වෙලා. පාසල්වල භාවිතා වන පෙළ පොත්වලින් ළමුන්ගේ හිත් තුළට දාන මතවාදය ගැන කඩිනමින්ම විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.’’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔය අධ්‍යාපන විශේෂඥයෙක්වත් ළමා මනෝ විශේෂඥයෙක් වත් නෙවේ. එ්ත් මට තියෙන ප්‍රශ්නය, දකුණු ආසියාවේ ඉන්දියාවේ ලංකාවේ මේ තරම් හොඳ සංස්කෘතියක් තිබිලත් බටහිර යුරෝපා රටවල්වල ලිංගිකත්වයට බර විවෘත සංස්කෘතියක් තිබිලත් ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ස්ත්‍රී දූෂණ ළමාදූෂණ, අපචාර බහුල ඇයි කියලා... ටිකක් හිතන්න, අපි ඔය උජාරුවෙන් වර්ණනාකරන සංස්කෘතියක, මාතෘ මූලික සමාජයක ඇයි දරුවන් අපචාරයට ලක්වෙන්නේ? ඇයි ස්ත්‍රීන් බස් එකේදී තනියම ගමනක් යද්දී විවිධ අතවර බලපෑම් වෙන්නේ කියලා... පැහැදිලිවම අපිට වැරදුනු තැනක් ඕක. පැහැදිලිවම ලිංගිකත්වය ගැන අපේ තියෙන බූරු අදහස් නිසයි ඕක වෙන්නේ, අඩුම ගානේ පෙළපොත් වලින් ලිංගික අධ්‍යාපනය අපචාර ගැන දැනුමක් ළමයින්ට දෙනවා නම් අපචාර ලත් තැන ලොප් කරන්න පුළුවන්... ළමයින්ගේ අහිංසක කමෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ ළඟම ඥාතීන්. ළමයින්ට ඒ ගැන දැනුමක් දුන්නාම මොකක්ද ඇති වරද?
අපි ඔය කියන්නේ බබ්බු රෝස කැලෙන් අහුලලා කියලා, අර පුත්තලමේ පොඩි එකාට තමයි කියන්න පුළුවන් එයා මොකක් හරි කැලේකින් අහුලලා කියලා, බොරු නෙවේනේ...
ඉතාමත්ම හොඳ දෙයක්...
හොඳ කතාවක්... හොඳ අදහසක්... වහල් ආණ්ඩුව කරපු "සියලු" විනාශකාරී දේ නිවැරදි කරවන්න තමයි මිනිස්සු අවුරුදු 5ක් තිස්සේ ජනාධිපතිවරණයක් එනකම් බලා හිටියේ. පහුගිය අවුරුදු 5 ඇතුළත ළදරු මනස අවුල් කරන්නට සහ විකෘති කරන්නට කරන ලද සියලු දේ නතර කල යුතුයි. මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ කිව්ව හතේ පන්තියේ පොත පාසල් දරුවන්ට දීම වහාම නතර කරන්න අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව නියෝගයක් දීලා තිබුණා. ඒ වගේම ඒ පොත් එකතු කරන්න අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලොරියකුත් සියලු පාසල් වලට එවනවා කියලත් තිබුණා. හාමුදුරුවෝ පෙන්නලා දීපු වැරැද්ද නිවැරදි කරන්න ක්ෂණික පියවර ගැනීම අගය කරනවා. 5 පන්තියේ ඉංග්‍රීසි පොතත් නිවැරදි කරන්න. ඒ වගේම හැමදාම ජනතාව එක්ක හිටපු, රටේ දරුවන්ට සැබෑ ආදරයක් පෙන්වන දේශපාලන නායකයෙක් හැටියට කවදත් ජනතා ආදරයට ගෞරවයට ලක් වෙන අගමැතිතුමාත් ඒ ගැන ක්ෂණික ප්‍රතිචාර දැක්වීමත්, පාසල් පෙළපොත් සම්බන්ධව මහා සංඝරත්නය සහ ගිහි සංවිධාන ඉදිරිපත් කළ මතවාද ගැන ඉක්මන් විමර්ශනයක් කරන බවට සහතිකයක් දීමත් ඉහළින්ම අගය කරනවා. යූ-ටර්න් ආණ්ඩුවට මගෙන් හොඳක් අහගන්න සෑහෙන්න අමාරු වෙයි. නමුත් හොඳ දේට කිසි ලෝභකමක් නැතුව හොඳයි කියනවා.
විමල්ට කියලා හොඳ පොතක් ලියවන්න. නැතිනම් එයට ලියලා දෙන්න ප්‍රධාන ස්ථානවල යටිගිරියෙන් කෑ ගහලා සේරම්ගේ මනස පිරිසිදු කරන්න කියලා. ළමා මනසට වැඩිය වටිනවා 225 මනස හදා ගත්තා නම්.. පොඩිඅය යන්නේ මහා උන් යන පාරේ.... දේශපාලනයට මඩ ගහන්නත් ගන්නේ පොඩි දරුවන්.. ඒ තරමට ඔය කට්ටියගේ මනස විකෘති වෙලා... දරුවන්ට හොඳට මොලේ තියෙනවා.. ඒක පාවිච්චි කරන්න පහසුකම් රට තුළ නැහැ. ඒ මොකද? රට පාලනය කරන කට්ටියගේ දැනුම මදි කම හෝ තම දරුවන් මේ දරුවන් තරම් මනසින් දුර්වල වීම මත... රට කරන කට්ටියගේ දරුවන් දකෂයි නම් අනික් දරුවන් මෙන්... එහෙම වුණොත් හැම පහසුකමක්ම ඒ පාසල්වලට ලබාදෙයි.. දියවන්නාවට පොතක් ලියලා බෙදන්න පොඩි දරුවා සහ දෙමව්පියන් තේරුම් ගන්න හැටි කියලා...
කතාව නම් ඇත්ත... එ් නිසා කියව කියව ඉඳලා හරියන්නේ නැහැ ගොයියෝ... ඉක්මන් තීරණ ගත යුතුයි. එලෙසම දරු පරපුර, රටේ දියුණුව, රටේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා තීරණ මොන රජයක් බලයට ආවත් ඒවා වෙනස් නොකිරීමට නීති සම්පාදනය කළයුතුයි. එසේ වෙනස් කරනවා නම් දියවන්නා ඔයේ ඉන්න " හැතිකරයෙන් " වැඩි ඡන්දවලින් වෙනස් කළ හැකි ලෙස නීති කඩිනමින් සකස් වියයුතුයි. කතාවට වඩා වැඩ කරන මිනිසාට රටේ පුරවැසියන් වැඩි කැමැත්තක් දක්වනවා යයි අපගේ මතයයි. එබැවින් කියවමින් වාචාලයන් ගණයට ඇතුළුවී තව තවත් හානි කරගන්නවාද යන්න දියවන්නා ඔයේ ඉන්න 225ම තීරණය කළ යුතුය. මෙම අදහස් විශේෂයෙන් දියවන්නා 225ටම කියවීමට හැකිවේවා...!!!
ගෙවීයන දශකය තුළ හෝ ඊට ටිකක් වැඩියෙන් කාලය තුළ ටියුෂන් ගුරාලාගේ කෙරුවාවල් තමයි ඔය... දේශපාලකයන්, එන්.ජී.ඕ කාරයින් වගේම, ටියුෂන් ගුරාලාටත් අධ්‍යාපන විකෘති කිරීමේ වගකීම පැවරිය යුතුයි. ඔය තුන්ගොල්ලන්ගේම පැවැත්මට නම් මනස විකෘති ජනයා ජීවත් වියයුතුය. ඔබතුමාම හිතලා බලන්න. පසුගිය දශකය තුළ පරණ ටියුෂන් ගුරුවරු කීදෙනෙක් ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති කියලා පත්වීම් ලැබුවාද කියලා...
හරි ජාතියක්, ජම්මයක් නැති කල්ලතෝනි කීදෙනෙක් ඉන්නවද කියලා බලාගන්න පුළුවන්... මෙතුමගේ අදහසට විරුද්ධව දාන කොමෙන්ට් සහ ඩිස්ලයික් තුළින්...
ගරු අගමැතිතුමනි, මා එම පොත කියවා බැලුවෙමි. ඉස්ලාම් භක්තිකයෙක් ලෙස එම පොත ටිකක් සැරවුණත් එහි අන්තර්ගතය එම වයසේ ළමුන් අනිවාර්යයෙන් දැන ගත හැකි ක්‍රමයක් හදන්න..