IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොළොන්නරුව ජාතික වනෝද්‍යානයේ 149 දෙනෙක් කුඹුරු කරති

(නිමල් ජයරත්න)
 
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී, පරිසරයට හානි වන ආකාරයට කුඹුරු වගා කළ පුද්ගලයින් 149 දෙනෙකු ඉන් වහා ඉවත් කරන ලෙස පොළොන්නරුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අසංක අසේල ද සිල්වා මහතා අද(01) පොළොන්නරුව අඩවි ආරක්ෂක නිලධාරීන්ට නියෝග කළේය.
 
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ ඇති කුඹුක්, මී,  පලු, වීර ඇතුළු වටිනා ශාක විනාශ කරමින් එහි සිටින වන සතුන්ටද හානිවන අයුරින් කලක සිට වී වගා කළ මෙම පුද්ගලයන්ට එරෙහිව රජයේ ඉඩම් සන්තකයේ ආපසු පවරා ගැනීම පනත යටතේ පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් අධිකරණයේ නඩු ගොනු කර තිබිණි.
 
එම පනත යටතේ අදාළ වනෝද්‍යානයේ නීති විරෝධීව වී වගා කළ 219 දෙනෙකු සඳහා නඩු පවරා තිබූ අතර මීට පෙර එයින් පුද්ගලයන් 70දෙනෙකු අධිකරණ නියෝග මත පොළොන්නරුව වන ජීවි නිලධාරීන් විසින් ඉවත් කරන ලදී.
 
මෙම පුද්ගලයන් වනෝද්‍යානයේ අක්කර 5000 කට ආසන්න බිම් ප‍්‍රමාණයක් විනාශ කර තිබූ අතර වන සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජන එල්ල වී තිබූ බවද පොළොන්නරුව වනජීවි කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
පොළොන්නරුව වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඩී. එම්. ජේ. වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සී. ඩී. සුනිල් ශාන්ත,  එස්. ඒ. වික‍්‍රමරත්න, සී. ඒ. වනසිංහ, එච්. පී. එස්. තිලකරත්න යන අඩවි ආරක්ෂක නිලධාරීන් විසින් එම පුද්ගලයන්ට විරුද්ධව පොළොන්නරුව අධිකරණයේ නඩු ගොනුකර තිබුණි.
 
ඒ අනුව අධිකරණ නියෝගය අනුව  එම පුද්ගලයින් 149 දෙනා එම භූමියෙන් ඉවත් කරන බව පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.



අදහස් (8)

පොළොන්නරුව ජාතික වනෝද්‍යානයේ 149 දෙනෙක් කුඹුරු කරති

sirimal Thursday, 01 August 2019 03:18 PM

ඔය වැඩේ අර ආගමේ කට්ටියක් සම්බන්ධ වෙලා කළා නම් මෙලහකට මුළු රටම ගිණි අරගෙන. බලන්න තිබ්බා " වොයිස් කට් " වැහි වහින ආකාරය...

:       0       0

ලුම්බිණි Friday, 02 August 2019 12:10 AM

කෝ අපේ පරිසර ඇමති?

:       0       0

මුණසිංහ Friday, 02 August 2019 02:10 AM

තමන්ගේ ගෙදරම සිද්ධ වෙන දේවල්, ජනාධිපතිතුමා මේවා පත්තරෙන්වත් දකියිද දන්නේ නැහැ...

:       0       0

Ratna P Friday, 02 August 2019 03:05 AM

සමහර ඇමතිලා කැලේ කපලා ගෙවල් තියෙන මිනිසුන්ට තවල් ගෙවල් හදනවා. මේ ගොවීන් කරලා තියෙන්නේ කැලේ කපලා වී ගොවිතැන් කිරීම, රට සහල් වලින් ස්වයංපෝෂිත කිරීම... වෙනස අපි වටහාගත යුතුයි...

:       0       0

lalithm Friday, 02 August 2019 03:07 AM

ඉහළම තැන්වල ආශීර්වාද ඇති...

:       0       0

Nalinda. Friday, 02 August 2019 05:08 AM

149 දෙනෙක් ගොවිතැන් කරනකන් වන ජීවී එකේ අය මොකද කළේ?

:       0       0

lanka Friday, 02 August 2019 07:07 AM

කෝ මේ ජාතික වීරවරු ටික?

:       0       0

KANDEPOLA Friday, 02 August 2019 07:20 AM

පොළොන්නරුවට නීතිය හරියටම ක්‍රියාත්මකයි. එතකොට විල්පත්තුවට?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site