
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉවත් වන්නේ එළඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසුව බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියාවසම් මහතා ඊයේ ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් සමඟ ඊයේ (15 වැනිදා) සිරිකොතේදී පැවැති රැස්වීමේදී වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කළේ යැයි අකිල විරාජ් කාරියවසම් මහතා ‘ද සන්ඩේ ටයිම්ස්‘ පුවත්පතට පැවසීය.
පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නව යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින බවද වික්‍රමසිංහ මහතා පැවසී යයි අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමු මහත්තයා ඔතැනින් ගියොත්, හිරු බටහිරින් පායයි.
මැරෙනකම්ම රනිල් නායකයා.. අකිල ලේකම්, රවී උපනායක... මෙහෙමත් බලලෝභීන්... පක්ෂය විනාශ වුණේත් මේ හින්දම තමයි. බිංදුවටම බැහැලත් තවත් යන්නේ නැහැ.
ඔන්න ඔහේ හිටපු දෙන් සදාකාලිකවම... ඔයවගේ ත්‍රීවීල් පක්ෂ ලංකාවේ කොච්චර නම් තියෙනවද?
පළාත් සභා මැතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය 1%ට වැඩිය පහළ බසිනවා.
පුදුම දේශපාලකයෙක් නේද?
පළාත් සභා මැතිවරණයේ නෙමෙයි, නාඩි වැටිලා ඉවර වෙනකල් මෙයා ගෙදර යවන්න පුළුවන් පුළුවන් වුණොත් මෙන්න මගේ කණ... අනික පවුලේ කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට දීලා කොහොමද මේක ඉල්ලමක්නේ? රටවල්වලින් දෙන ආධාර, පිටරට සංවිධාන වලින් දෙන ආධාර ඔක්කොම සාක්කුවටනේ...? ඒ මදිවට විදෙස් සංචාර, තව එන්.ජී.ඕ. කාරයින්ගේ ඕනෑ එපාකම් කරලා දෙනවට හම්බවෙන ගාණ සේරම වෙනත් කෙනෙකුට දීලා කොහොමද? මාර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්... මේ වෙනස්කම් එකක්වත් ගැන ඡන්දය ප්‍රකාශ කිරීමටවත් සාමාන්‍ය පක්ෂ සාමාජිකයින්ට අවස්ථාවක් නැහැ. අනේ ජනාධිපතිතුමනි, ඉදිරි ව්‍යවස්ථා වෙනසේදී..., මේ වැරැද්ද නිවැරැදි කරන්න. අද ජනතාව ඡන්දය දෙන්නේ පක්ෂ වලටයි. එම පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විය යුතු බවටත්, පක්ෂවල මහසභා සහ නිලවරණවලට ඡන්දය දීමට සියලු සාමාජිකයන් හට අවස්ථාව තිබිය යුතු බවටත්.., ඕනම පක්ෂ සාමාජිකයෙකුට ඒ නිලවරණ වලට ඉදිරිපත් වීමට හැකිවිය යුතු බවටත් නීති සකසන්න. නැතිනම් ඇමෙරිකාවේ වගේ මූලික මැතිවරණ පවත්වන්න.
ඔන්න පේනවා නේද කරඬුව ගෙනියන අලි කවුද කියලා? කොට අදින අලි කවුද කියලා. අනේ කරූ මහත්තයෝ වයසට ගියාමවත් කොට ඇදිල්ල ඉවර වෙන්නේ නැද්ද?
අනේ පව් කුමන්ත්‍රණයක් යන්නේ... පළාත් සභා පරදින එකෙත් පව් රනිල් පිටින් යවන්නයි හදන්නේ...
කැසිනෝ ගහන මිනිහගෙයි... ඔබෙයි අතර වෙනසක් නැහැ. කැසිනෝ ගහන කෙනා සේසතම පරදින කම් කැසිනෝ ගහනවා. ඔබත් සියලුම ඡන්ද පරදිනකම් නායකකමේ ඉන්නවා. තමන් ඉන්න අවස්ථාව තේරුම් ගන්න බැරි මිනිහා කොහොමද රටේ තත්වය තේරුම් ගන්නේ?
යාන්ත්‍රණය හදලා ඉවරවෙනකොට පෙරහැර ගිහින් ඉවරයි...
රනිල් කියන හැමදේටම එහෙයි කියන අකිලලාවගේ මිනිස්සු හිටිය නිසයි ඔය පක්ෂය අද ඔය තත්වෙට වැටුණේ.. දැන්වත් කොන්දක් ඇතුව වැඩකරන්න පුරුදු වෙන්න. නැතිනම් එජාපයත්, පළාත් සභා එනකොට හොයාගන්නත් බැරිවේවි. බලමු එජාප පළාත් සභාවට තරග කරන්නත් මිනිස්සු ඉඳීවිද කියලා...
රනිල් මැතිඳුනි, ඔබයි සැමදා අපගේ නායකයා...
එජාප... මිනී පෙට්ටිය ඇතුළට දාලා උඩින් පසුත් දැම්මානේ... නමුත් තාම මල්වඩම් ටික තියෙනවා කැඩිලා නැතිව...
තව දුරටත් පළාත් සභා ගැන කථාකරන කවර අයෙක් වුවද දේශද්‍රෝහියෙක් ලෙස නම් කළාට කිසිම වරදක් නැහැ. පළාත් සභාවලට වසරකට රුපියල් කෝටි 25,000ක් වැයවෙන බව කියනවා. මොකක්ද කරපු දේ? පළාත් සභාව නැති වුණාට දැනට ජනතාවට තියෙන පාඩුව මොකක්ද? පළාත් සභාව අවශ්‍ය ජනතාවට නොවෙයි, දේශපාලකයින්ට. එතකොට තමයි පවුලේ ඉන්න අනික් අයගේ බඩකඳ මහත් වෙන්නේ... යානවාහන නිකං ගන්න පුළුවන්... පළාත් සභාවත් සැලසුම් සහගත තවත් අපරාධයක් ලෙස නම් කළාට කමක් නැහැ. මේ ජනතාවගේ සල්ලි නේද? අපිම නේද මේ බර උහුලන්න ඕනෑ. අපි දන්නවනේ දකණු පළාත් සභාවෙන් කරපු හරිය... ෂාන් විජයලාල් අවුරුදු 15ක් මහ ඇමති... මොකක්ද කරපු කෙං ගෙඩිය...? අලි බබා සහ හොරු 40 එකතු වෙලා පුළුවන් තරම් ගසා කෑවා. ජේවීපී කාරයිනුත් හරි කැමතියි.... පළාත් සභාවලට. ඇයි එකෙකුට, දෙන්නෙකුට ගොඩයන්න හොඳම අවස්ථාවනේ... පසුපෙල නායකයින් කියලා පිරිසක් හදාගෙන පළාතෙන් පළාතට විනාශ කරනවා. පළාත් සභාව නැතෙයි කියලා තියෙන පාඩුව මොකක්ද? රනිලුත් ඉතිං මොකවත් නොදන්න බබා. ඉතුරු ටිකත් කාලා තමයි යන්න හදන්නේ... රටට ආදරේ ඇති කිසිවෙක් පළාත් සභා ගැන කථා කරන්න එපා. පළාත් සභාව අහෝසි කරන්න බැරිනම්, ඔය යන විදියට යමු...
මම කලිනුත් කිව්ව දුම්මල ගහලවත් යූඑන්පී කියන පක්ෂයෙන් අයින් කරන්න බැහැ කියලා. යූඑන්පී එක හැඳි ගෑවිලා යනකන්ම ඕකෙ එල්ලිලා ඉන්න එක නම් සිකුරුයි. මම නම් කියන්නේ රනිල්ට කොහොමහරි තව අවුරුදු 10ක් ඉන්න කියලා. පෙරේත කමයි, නූල් සූත්තර වැඩයි දෙකම හොඳට දන්න නිසා ඒක එච්චර අමාරු නැහැ, කොහොම හරි අවුරුදු 10ක් හිටියොත් නම් අායෙත් යූඑන්පී එකක් ඉතුරු වෙන්නේ නැති එක නම් සහතිකයි. අපිටත් ඕනෙ ඔය පක්ෂය හැඳි ගෑවිලා යන එක තමයි.
මෙයා පළාත් සභාවත්, පොහොට්ටුව ඉහළින්ම දිනවලා තොලොංචි වෙන්නයි හදන්නේ...
මොන බොරුද? ඔය රනිල් නැතත් එජාප එකෙන් අයින්වෙන්නේ නැහැ.
විකට රජු !
මෙයා යන්නේ නැහැ. ඉන්න අවංක කට්ටිය දැන්වත් අයින් වෙන්න...
එක්සත් ජාතික පක්ෂ ඡන්ද ප්‍රතිශතය බිංදුවටවත් බස්සලා යාවිද මන්දා...
ඊටපස්සෙත් රනිල්ම තමයි. ඔහු තරම් ජවසම්පන්න තරුණ, ගැම්මක් ඇති නායකයෙක් තවමත් නොමැත..
අපොයි මෙහෙම තණ්හාවක්... ලැබෙයිද ඉන් සැනසීමක්...
අන්න හොඳ තීරණයක්...
පලාත් සභාත් හබක් තමා අනේ මේ වගේ තණ්හාවක්
යූ.එන්.පී එක යාන්තන් හරි තීරණයක් අරන්... නැත්නම් අර චන්ද්‍රිකා, සිරිසේන මහත්තයා එක්ක ශ්‍රීලනිපය විනාශ කරා වගේ මේකත් ඉවර වෙනවා යනවා..