ශ්රී ලංකාවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු යැයි ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් අවධාරණය කර ඇත.
ඉන්දීය විදේශ ඇමැතිවරයා මෙසේ අවධාරණය කර ඇත්තේ තමිල්නාඩුවේ ‘ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.’ පක්ෂ මන්ත්‍රී එම්. තම්බිදුරෙයි වෙත ලිපියක් යවමිනි.
ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය මෙවර තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගතවය.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පසුගිය 6 වැනිදා ආරම්භ විය. එය අදියර කීපයක් යටතේ පැවැත්වෙයි.
ජිනිවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව විවාදයට ගැනෙද්දී, දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් කරුණු මතු කළේ එම්. තම්බිදුරෙයි ය.
තම්බිදුරෙයි ට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජායිශංකර් යැවූ ලිපියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු දේශපාලන අධිකාරියේ බලය බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය කැප විය යුතු යැයි ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීමට ඉන්දියාවේ සහාය හිමිවන බව යැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව, සියලු පළාත් සභා ක්‍රියාත්මක වීම සහතික කළ යුතු බව ද ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.
ඉන්දියාවේ මෙම ස්ථාවරය ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ද පැහැදිලි කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිහිපත් කර දී ඇත.
ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවේදී, ඡන්දය දීමෙන් වැළැකී සිටීමෙන්, ඉන්දියාව සිය ස්ථාවරය ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.
එය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන්, සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ගෞරවනීයත්වය වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම පිළිබිඹු කරන්නක් බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත.
දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් සපයමින් සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවත්, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාව සමග ඵලදායී අන්දමින් කටයුතු කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් යැවූ ලිපියෙහි සදහන් වෙයි.
(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)
COMMENTS
කොළණියක් වී හමාරය
මෙච්චර කල් දාලා යහපාලනයෙන් දැන් ඇයි හදිසි? නකන් හාල්පාරුවෝ සෙට් එකකුයි නිලධාරින් සෙට් එකකුයි පවුල් පිටින් ජනතාව විසින් නඩත්තු කිරිමක්
අනුන්ගෙ දේවල් හොයන්න ඉස්සෙල්ල තමන්ගෙ රටේ ජනතාවට වැසිකිලි ටික හදල දුන්නොත් නරකද?
ඉන්දියාවේ අනන්ත අප්‍රමාණ ප්‍රශ්න තිබියදී අල්ලපු රටේ ප්‍රශ්න වලට අත දාන්නේ අදාළ රටේ නිවට නියාලු පාලනයක් තියෙන නිසා.මේ සම්බන්ධයෙන් විදේශ ඇමැති ඉන්දියාවට නිසි පිළිතුරු දිය යුතුයි.ඒත් කෝ මෙහේ මිනිසුන් ඔය සද්ද වලට හුරේ දැම්මාට ඉන්දියාව ඒවා තඹේකට මායිම් කරන්නේ නැහැ.
ඔයා කවුද ඒවාට ඇගිලි ගහන්න
මූට තියන අමාරුව මොකක්ද ලංකාවේ ඒවා ලංකාවට ඕන වේලාවට තියයි
" 13 ප්ලස් " දෙනවා කියා එදා ඉන්දියාවට පොරොන්දුවුණු මහින්ද රාජපක්ෂ මෙයට උත්තර දිය යුතුයි. අද වෙනතෙක් කිසිම අදායමක් ලාභයක් නැති ව්‍යාපෘති රැසක් කරමින් ...උදා. ගුවන්යානා නොඑන මත්තල ගුවන්තොටුපොළ , හම්බන්තොට වරාය, බල්ලෙක්වත් නොඑන නෙලුම් කුලුන, බණ්ඩාරවෙල මිනිස්සුන්ට වතුර නැතිකළ උමා ඔය ...." මුදල් නාස්තිකරමින්, හොරාකමින් ,ඥාති සංග්‍රහය කරමින් රට චිනාට ණය කල මේ මෝඩ,නුගත් දේශපාලුවන් තවමත් කරන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිකරමින් රට අනතුරේ හෙලීමයි.
ඉන්දියානු මහකොමසාරිස් අපේ සර් ගාවට ගෙන්වලා කියා දිය යුතුයි අපේ රටේ ඡන්ද තියෙන්නේ අපිට ඕන විදියට කියලා නැත්නම් අපි කොමසාරිස් කාර්යාලය ලංකාවේ වසා දැමිය යුතුයි.
අපිට පළාත් සභා ඡන්ද වැඩක් නෑ එක අපිට අතිරේක වියදමක් වෙන වැඩක් අපේ රටට මේ වේලාවේ හැටියට. එම නිසා පළාත් සභා ඡන්ද නැවැත්විය යුතුයි.
අනේ අපේ අය තවත් ලැජ්ජා නැතුව මේ පළාත් සභා කරේ තියං යනවනේ.... පළාත් සභා අහෝසි කරනු!
ලංකාව ගැන සිත සිතා ඉන්දීය නායකයන්ට දැන් රෑට නින්ද යන්නෙත් නැතුව ඇති
ලංකාවේ පළාත් සභාවල් ගැනයි දේශපාලනය ව්‍යුහය ගැනයි දඟලන්නේ නැතිව තමන්ගේ රටේ කොරෝනා වසංගතයෙන් මැරෙන මිනිස්සු ගැන යමක් කරන්න මහත්තයෝ
ඔය ගොල්ලෝ කාශ්මීරයත් එක්ක තියෙන වලි වලට අපේ රටේ අය අත දාන්නේ නැහැ. කරුණා කරලා අපේ ප්‍රශ්ණ අපිට විසඳාගන්න ඉඩ දෙන්න. පහුගිය යහපාලන සමයේ සීමා මායිං වෙන්කරනවා කිය ඔය මැතිවරණය කල් දාන කොට ඔයගොල්ලෝ කොහේද හිටියේ?
මේක ස්වාධීන රජයක් නෙමෙයිද? අපි වැඩ කරන්නේ පිට රටවලට අනුවද කෝ මේ දේශීයත්වය කියන එක
මේ ජේ ආර් සහ රජීව් අතර අත්සන් කළ ඉන්දු ලංකා සාම ගිවිසුමේ ප්‍රතිඵල ය..... රටට ම ඇඳිරි නීතිය දමා මහා දවාලේ තමයි ඔය ගිවිසුම අත්සන් කලේ. එහි මූලිකම කරුණක් වන්නේ ලංකාවේ පළාත් සභා ක්‍රමය ඇති කිරීමයි.... ඉතින් ඉන්දියාව යනු ගිවිසුමේ පාර්ශවකරු වෙකි. ඒ නිසා තමයි ඔවුන් පළාත් සභා මැතිවරණය පවත් වන ලෙස, අපේ රටට මතක් කරන්නේ. ඒ නිසා, අපිට කියන්න බැහැ..... " ඔයාලගේ වැඩක් ඔයාලා බලා ගන්න".... කියා. බොහෝ දෙනෙකු මේ අතීතය නොදන්නා බව නම් පෙනේ .
පළාත් සභා පවත්වනවාද නැද්ද කියන එක අපේ රටේ මිනිසුන්ගේ කැමැත්ත. උඹලාට ඇති කැක්කුම මොකක්ද?
ගිවිසුමේ හැටියට ඉන්දියාවේ කොටස එයාල සම්පුර්ණ කළාද?? අපට පළාත් සභා වලින් ඇති ප්‍රයෝජනයක් ද? අපේ රටට හොට දාන් නැතුව ඉන්දියාවට එයාලගේ වැඩක් බලාගන්න කියන්න
දැන් බලයේ ඉන්න රටේ නායකයා ජාත්‍යන්තරයට බය නැති නායකයක් කියල නේ කිව්වේ. ඉතින් මේකට කෙලින් උත්තරයක් දෙන්න පුළුවන් නේද, අපේ රටේ අභ්‍යන්තරවලට ඇඟිලි ගහන්න එපයි කියල. දැන් තේරනවා නේ සර්ගේ ශක්තිය තරම්.
ඇයි ඉන්දියාවෙනුත් අපේක්ෂකයෝ දාන්න ඉන්නවද? අපේ දේශපාලකයින් පක්ෂ විපක්ෂ සියල්ලෝම හිතට ගන්න ඕන විදෙස් බලවේග අත පොවන්නේ ගෙදර කචල් තියෙනකොට කියලා. ලෝකයේ අනෙක් රටවල් ආදර්ශයට ගන්න. රට ඇතුලේ විතරක් පිල් බෙදෙන්න. ඒව පිටට දෙන්න එපා.