රංජන් කස්තුරි
තවත් පළාත් සභා පාසල් 4 ක් ජාතික පාසල් බවට පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
ගාල්ල බොනවිස්ටා, මහනුවර ශාන්ත සිල්වෙස්තර, මඩකලපුව, වාලච්චේන හින්දු සහ අම්පාර, ඉරක්කාමම් අල් / අෂ්රොෆ් යන විද්‍යාල හතර ජාතික පාසල් බවට පත්කර තිබේ.
1814 වසරේදී ආරම්භ කරන ලද ගාල්ල බොනවිස්ටා විද්‍යාලය වසර 200 වඩා පැරණි වන අතර 2017 වසරේදී එහි ශිෂ්‍ය සංඛ්‍යාව 17 කට සීමාවී තිබිණු අතර විදුහලේ ඓතිහාසික අගය සළකා සියලු පාර්ශවවල සහාය ඇතිව එම පාසල ජාතික පාසලක් ලෙස නම්කළ බවද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය ඒ.ටී.ආරියරත්න, ආචාර්ය එඩ්වින් ආරියදාස වැනි විද්වතුන් ගාල්ල බොනවිස්ටා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.
මාලදිවයින් ජනාධිපති මව්මුන් අබ්දුල් ගයුම් මහතා ද බොනවිස්ටා විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන අතර ඔහු 1948 සහ 1949 වසරවල එම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ.
මෙම පාසල් 4 ත් සමඟ ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 374 දක්වා ඉහළ ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
812
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පළාත් සභා පාසල් 4 ක් ජාතික පාසල් කරයි