
(නිමල කොඩිතුවක්කු)
පළාත් සභා මැතිවරණය සඳහා මේ සතියේ සිට අපේක්ෂක අයැදුම්පත් කැඳවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
පළාත් සභා මැතිවරණයට තරග කිරීමට අපේක්ෂා කරන තරුණයන්ට, විද්වතුන්ට, වෘත්තීයවේදීන්ට මේ සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ කර පාර්ලිමේන්තුව තේරී පත් නොවුණු සියලුම සංවිධායකවරුන්ට සහ අපේක්ෂකයන්ට පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නැයි පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇතැයිද කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවැසීය.
පළාත් සභා මැතිවරණය සඳහා පක්ෂයේ සංවිධාන ජාලය හා ශාඛා සමිති ශක්තිමත් කිරීම කඩිනමින් සිදුකරන බවත් එහි පළමු පියවර ලබන 19 සහ 20 දිනවල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙයට සමගාමීව පක්ෂයට නව සාමාජිකයන් බදවා ගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් සැප්තැම්බර් මාසය අවසන් වීමට ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් සභා ඡන්දයට දුරකතනය අයැදුම්පත් කැඳවයි
මුණසිංහ Monday, 14 September 2020 12:30 PM
පලා බබා ආයෙත් නැගිටින එකක් නැහැ. පව් මෙයාලාට...