IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පළාත් මැතිවරණය වහා පවත්වන්නැයි රීට් පෙත්සමක්


(තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ)
 
පළාත් සභා මැතිවරණය වහාම පැවත්වීමට අදාළ පියවර ගැනීමට මැතිවරණ කොමිසමට නියෝග කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) රීට් පෙත්සමක් ගොනු කර ඇත.
 
සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් වන නීතීඥ දිනේෂ් සඳරුවන් ජයවීර මහතා ඇතුළු සාමාජිකයන් නමදෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් නම් කර තිබේ.
 
නීතීඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
පෙත්සම්කරුවෝ ඡන්දදායකයෝ වෙති. පළාත් සභා පනතේ 154 (ඉ) අනුව වසර පහක කාලයක් ඉක්ම ගිය පසු එම පළාත් සභාව විසුරුවා ගියා සේ සැලකේ. එම පනතෙහි 10 වැනි වගන්තිය අනුව අදාළ කාලය ඉක්ම ගොස් සති 4ක කාලයක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීමේ අදහස පිළිබඳ දැන්වීමක් ප්‍රකාශ කිරීමේ වගකීම මැතිවරණ කොමිසම සතුවේ. එහෙත් එම වගකීම මැතිවරණ කොමිෂන් සභාව විසින් පැහැර හැර ඇත.                                            
එබැවින් අදාළ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ පියවර ගැනීම නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත. 
 



අදහස් (9)

පළාත් මැතිවරණය වහා පවත්වන්නැයි රීට් පෙත්සමක්

Kamil Monday, 18 February 2019 01:08 PM

ලංකාවට පළාත් සභා අවශ්‍ය නැත. ඒ නිසා පළාත් සභා අහෝසි කළ යුතුයි. මහජන මුදල් කොල්ලකෑමක්...

:       210       215

samanMonday, 18 February 2019 02:20 PM

පළාත්සබා අහෝසි කර වහාම මහා මැතිවරණයක් කැඳවන්න

:       0       256

Sapumal. Monday, 18 February 2019 01:12 PM

අපට මේ මැතිවරණ, දේශපාලකයන්, රට මුලාකිරීමට අටවාගෙන සිටින ඔය සංවිධාන ආදියත් සියල්ලම එපාවෙලයි තියෙන්නේ.... මේ දඟලන්නෙත් ජනතාවට තියෙන ආදරයට නොව තම පිලට බලය ගෙන පෙර පරිදි රටට අගනා සේවයක් සලසන්නයි. මේවායේ ඇති සත්‍යයක් නම් පේන්න නැහැ.

:       30       112

sandy123 Monday, 18 February 2019 01:23 PM

අපේ සල්ලි ගිලින සුදු අලි අපිට එපා එපා එපාමයි..!

:       194       42

sandy123Monday, 18 February 2019 06:32 PM

අකමැතියි කියලා සදහන් කරලා තියෙන්නේ පළාත් සභාවෙන් යැපෙන උදවිය වෙන්න ඇති මයේ හිතේ.

:       115       76

GihanTuesday, 19 February 2019 02:27 AM

පළාත් සභා ඕනේ නෑ. ඒක ගැන කථා 2ක් නෑ. හැබැයි ඊට කලින් දැන් පළාත් සභා ඡන්දෙ තියලා කට්ටිය ‍තෝරලා, මහ මැතිවරණයක් තියලා පාර්ලිමේන්තු බහුතරය අරගෙන, ඊට පස්සෙ ඕක අයින් කරන්න යෝජනාවක් ගෙනත් ඉවර කරන්න ඕනේ. නැතුව මේ ඡන්දෙට බයේ පළාත් සභා එපා, ඡන්ද මොකටද වැඩක් නෑ නෙ, අපරාදෙ සල්ලි කියන්නෙ පරාද වෙන බව ඉර හඳ වගේ විශ්වාස ඇත්තො තමා ඉතින්.

:       2       15

sandy123Tuesday, 19 February 2019 03:21 PM

ගිහාන් ඔබේ තර්කය වැරදයි. මම නම් ඔය මැතිවරණ වලට භය නැහැ. මමවත් මගේ කවුරුවත් ඡන්දයකට ඉදිරිපත් වන්නෙත් නැහැ. අපි මෙතන අදහස් දමන්නේ කාටවත් ඔය වගේ කඩේ යන ගමනුත් නොවෙයි. අහෝසි වුන පළාත් සභා නැවත ස්තාපිත කරන්න දගලන්නේ ඇයි? මැතිවරණ තියන්නේ කාගේ උවමනාවටද? අපිට හොද සේවයක් කරන්නද මෙච්චර සල්ලි නාස්ති කරන්නේ? නැහැ නේද? දැන් ඡන්ද තියලා සභිකයෝ තෝරාගෙන පස්සේ අහෝසි කරන්නේ කුමකටද? තමන්ගේ හයිය පෙන්නන්නද? අහෝසි වෙච්ච පළාත් සභා අහෝසිම කරලා දාන්නේ නැතුව ඒක තියාගෙන පෝෂණය කරන්නේ පොල් ගහන්නද? අනික කව්රු දින්නත් අපිට මොකෝ. රටට සෙතක් කවම කවදාකවත් කාගෙන්වත් නොවෙන බව දන්නා අපිට කොලේ වහලා ගහන්න හදන්නේ කුමක්ද? මේ ඉන්නා 225 ම රටට බරක් වෙලා තියෙන්නේ. මේ ඔක්කම යැපෙන්නේ අපි දුක් මහන්සියෙන් හම්බ කරන බදු මුදලින් නොවේද? මෙච්චර ලියන්නේ නැතුව උපහාසාත්මකව මුලින්ම ලිව්වේ යතාර්ථවාදී අදහසත් සමග තෙහෙට්ටුවෙන් ඉන්න අපිට යම් කිසි සිනහවක් උද්දීපනය කරන්න. නැතුව වෙනත් අරමුණකින් නොවෙයි.

:       0       2

smn Monday, 18 February 2019 04:26 PM

පළාත් පාලන සහ පාර්ලිමේන්තු මැතිවරණය හැර අනික් මැතිවරණ අපට අවශ්‍යද? නිකම් අනවශ්‍ය වියදමක් නේද? පළාත් සභාව නම් අවශ්‍යම නැති දෙයක්. කෝටි හාර පන්සීයක් වියදම් කරලා පත් කර ගන්න සේරම හොරුන්, ඒ අයගේ දරුපවුල් නඩත්තු කරන්නෙත් අපේ බදු සල්ලිවලින්. ඒ අයගෙන් අපට සිදුවන දෙයක් නැහැ. ඔය පළාත් සභා අපට එපාම එපා.

:       255       579

Cisco Tuesday, 19 February 2019 02:32 AM

කලින් නඩුව තීන්දු වුනේ චන්දෙ තියන්න එපා කියන ලෙසට. බලමුකෝ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවෝ මොනවා කියයිද කියල.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 289 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1612 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site