(විනීතා එම්. ගමගේ)
පළාත් පාලන නියෝජිතයන් ගෙන් තුනෙන් එකක් වත්, ඊළඟ පළාත් පාලන මැතිවරණයට පෙර අඩු කළ යුතු යැයි පැෆරල් සංවිධානය කියයි.
පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පෙර නියෝජිතයෝ 4000 කට ආසන්න පිරිසක් තේරී පත්වූ අතර එම සංශෝධනවලින් පසු පැවැති පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී නියෝජිතයෝ 9000 කට අධික පිරිසක් තේරී පත්වූහ.
දැනට පුරවැසියන් 2225 කට එක් පළාත් පාලන ආයතන නියෝජිතයෙක් බැවින් සිටින බවත් රටට දරාගැනීමට නොහැකි ප්‍රමාණයක් බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
මෙවර තේරී පත්ව ඇති නියෝජිතයන් අතරින් සමහර කොට්ඨාශවලට දෙතුන් දෙනා තේරී ඇති බව පෙන්වා දුන් හෙට්ටිආරච්චි මහතා තවත් කොට්ඨාශවලට සේවය කිරීමට නියෝජිතයෙකු නොමැති බව ද කියා සිටියේය.
මේ සම්බන්ධව දේශපාලන පක්ෂ සමග හා විද්වතුන් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරමින් සිටින බවත් අවම වශයෙන් 6000ක් වත් දක්වා මේ නියෝජිත සංඛ්‍යාව අඩු කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
කොට්ටාශය දිනපු මන්ත්‍රි විතරක් ප්‍රාදේශීය සභාවට ගත්තා නම් හරි අර ලිස්ට් එකෙන් දාන එක නවත්තලා. එතකොට ඔය ප්‍රශ්නේ ඇතිවෙන්නේ නෑ.
කතාව ඇත්ත. මොවුන් පත් කිරීම ජාතික අපරාධයක්. සේවයක් නොව රක්ෂාවක් නිසයි. කට්ටිය පොරකාගෙන එන්නෙ මේ අය නැතුවත් වසර ගානක් වැඩ කෙරුණ නේද, මේ දවස්වල පාලන බලය තියෙන අය කියන්නෙ වැඩකරන්න සල්ලි නෑ කියල. මේක මහජන මුදල් කාබාසිනියා කිරීමක්. ඔබේ අදහසට එකගයි.
අනේ ඕක බින්දුවට බස්සන්න බැරිද? පැරණි ආරච්චිලා ගම්මුලාදැනි ක්‍රමයට යමු.
1/3 ක් නොවෙයි 2/3 ක් වත් අඩු කල යුතුයි. ඒ සමගම පළාත් පාලන මැතිවරණ ක්‍රමය දේශපාලනයෙන් තොරව ප්‍රත්පත්ති මත කල යුතුයි.
පලා බබ්බු ක්‍රමය අපි වගේ ඉතාමත් කුඩා රටකට ගැලපෙන ක්‍රමයක් නෙමෙයි. ඉන්දියාව, ඉන්දුනීසියාව වගේ විශාල ජන ගහනයක් ඉන්න රට වලට ගැලපෙනවා. අපිට ඉන්න 225 ක උන මන්ත්‍රී ගණන උවත් 100 දක්වා අඩු කරන්න පුළුවන් නම් රටට සෙතක් වෙයි. අනිත් කරණය බදු නිදහස් වාහන, නොමිලේ ඉන්දන, දුරකථන මුදල්, නිවාස, නොමිලේ කෑම, විශේෂ ආරක්ෂාවන්, විශේෂ දීමනාවල් එකී මෙකි නොකී සෑම මන්ත්‍රී දිමනවක්ම වහාම නැවැත්විය යුතුයි. ජනතාවට සේවය කරන්න පැමිණියා නම් ඉහත දේවල් අවශ්‍ය නොවේ.
87 ඉන්දියාව දුන්නු ප්‍රාදේශීය සභා, පළාත්සභා මගුලෙන් රටේ සල්ලි බිලියන ගානක් නාස්ති වෙලා.
නියෝජනය නෙමෙයි පලාත් පාලන ක්‍රමයම අහොසි කරන්න බැරිද. තනිකර සල්ලි ගිලින සුදු අලියෙක් විතරයි. ගමේ ඉන්න කසිප්පු අයියටයි මැර මලිලටයි පලාත රජකරන් ඉන්න තියෙන හොද තෝතැන්නක් මිසක් රටටවත් පළාතටවත් නම් වැඩක් නෑ.
පළාත් පාලන නියෝජනය නගර සභා හා ගම්සභා වලට පත්කරගත් නියෝජිතයින්ගෙන් එම පළාතට අයත් නගරාධිපති, උපනගරාධිපති, ගම සභාපති හා සභා ලේකම්වරුන්ගෙන් පමණක් සැදුම්ලත් සභාවක් කලොත් මිට වඩා කාර්යක්ෂම වෙයි. කාට කාටත් වැඩක් කරගන්න පුළුවන් වෙයි. නිකම් සල්ලි වියදම් කිරීම අවම වෙයි.