(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුණු නවක මන්ත්‍රීවරු හෙට(28) සඳුදා සිය ධුර වල දිවුරුම් දෙති.

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය නීතිවලට අනුකූලව පැවැත්වෙන කෙටි උත්සවයකදීය.

සමගි ජන බලවේගයට එක් වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 69දෙනකු පක්ෂයෙන් නෙරපූ අතර ඔවුන් වෙනුවට මෙම සභිකයින් පත්කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය .ඊට අමතරව ඉල්ලා අස් වූ මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට ද නවක සභිකයන් පත් කරන බව රංගේ බණ්ඩාර මහතා කීය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන,මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වෙති.