ඉන්දිකා රාමනායක

කොරොනා වසංගතය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී එම සීමා නොතකා බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සාහ ගත් 266 දෙනකු ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

මෙම පිරිස වාහන 145කින් පැමිණ සිටි බවද හෙතෙම කියයි.

දිවයින පුරා පනවා ඇත සංචරණ සීමා ඊයේ ඉවත් කළ ද පළාත් අතර සංචරණ සීමා තහනම ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවත් අතීෂ්‍ය මානුෂීය අවශ්‍යතාවයකට හැර පළාත් අතර සංචර සීමා සඳහා කිසිවකුට අවසර හිමි නොවන බවද හෙතෙම කියා සිටියේය.

බස්නාහිර පළාත් ට ඇතුළුවන සහ පිටවන ස්ථාන 14 ක දි පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරයි.