IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පළාත් තුනකට මි.මී.100 ඉක්මවූ තද වැසි


 
                                  
ඩයනා උදයංගනී

       
ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප‍්‍රදේශයන්ට අද (9) සවස් කාලයේ දී මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පළාත්වලට මෙන්ම අනුරාධපුරය සහ වව්නියාව දිස්ත‍්‍රික්කවලත් තැනින් තැන අද පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොඩි‍්‍රගු මහතා පැවසීය.

වැසි ඇතිවන අවස්ථාවලදී ප‍්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක‍්‍රියා කරන ලෙස ජනතාවට දැනුම්දීමක් කරන බව ද රොඩි‍්‍රගු මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම වැසි තත්ත්වය හෙට (10) දිනයේ දී තරමක් අඩුවනු ඇතැයි ද හෙතෙම සඳහන් තළේය.

මේ දිනවල දිවයිනට බලපා ඇති අන්තර් මෝසමේ බලපෑමෙන් විටින් විට මෙවැනි වැසි ඇතිවුවද දිවයිනේ පළාත් රැසකට බලපා ඇති නියං තත්ත්වය පහව යන තරමේ වැසි අපේක්‍ෂා කළ නොහැකි බව ද ඔහු කීවේය.

නිරිත දිග මෝසම මැයි මස තුන්වන සතියේ දී සක‍්‍රීය වීමෙන් පසු තද වැසි අපේක්‍ෂා කරන බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා වැඩිදුරටත් කියා සිටියේය. 



අදහස් (0)

පළාත් තුනකට මි.මී.100 ඉක්මවූ තද වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 257 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site