(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි එම දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
COMMENTS