(ඩයනා උදයංගනී)
බස්නාහිර, දකුණු,වයඹ සහ සබරගමුව, පළාත්වල අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකිබව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි වැසි ඇති වන බවද එම ප්‍රකාශකයා කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
COMMENTS
කඩින් කඩ? පිට කෝට්ටේ, නුගේගොඩ, නාවල පැත්තේ නම් පැය තුනකට වැඩියෙන් වැස්ස