




(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)
මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රොගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හිසකෙස් සහ ලේ දන්දීමේත් ශරීර අවයව දන්දීමට පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේත් වැඩසටහනක් බළන්ගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.
බාලිකා බාලදක්‍ෂිකාවෝ, ආදිශිෂ්‍යාවෝ ඇතුලු වැඩිහිටි කාන්තාවෝ 600ක් පමණ පිරිසක් මෙහිදී සිය හිසකෙස් දන්දුන්හ.
රත්නපුර දිසා බාලදක්‍ෂ කොමසාරිස් එම්. කේ. සිරිවර්ධන මහතා ප්‍රමුඛ නියෝජ්‍ය සහ සහකාර බාලදක්‍ෂ දිසා කොමසාරිස්වරු ඇතුලු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.
ශාන්ත ඇග්නස් බාලිකා බාලදක්‍ෂ සමූහය සහ ආදි ශිෂ්‍යා සංගමය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
COMMENTS
ඔබ සියලුදෙනාටම පින්
බොහොම පිං ලැබෙන සත් ක්‍රියාවක්. සහභාගිවු සියල්ලෝටම තම තමන්ගේ ප්‍රාර්ථනාවන් සපලවේවා!
ඇත්තටම මොනවටද මේ විකාර ..? යම්කිසි යහපතක් සිද්ද වෙන අර්ථවත් දෙයක් ගැන කතාකරමුද ?
නිකන් රැල්ලට කරන කිසි තේරුමක් නැති වැඩක්. මේ අසරණ රෝගීන්ට පෝෂ්‍යදායක ආහාර වේලක් දුන්නානම් මිට වඩා වටිනවා.
සැමට යහපතක් වේවා
රවී මයා වෙත, දුන් දේ සුවදයි කෑ දෙය ගදයි යන්න සිහිගන්වමින් අප ඔබගේ අදහස් පිලිබදව අවංකවම කණගාටු වන්නෙමු. මෙම පිරිස තමන්ගේ කේශ දන්දෙන්නේ කුමකටද යන්න ඔබ විසින්ම අවංකව සොයා බැලුවොත් ඔබටම ඔබ පිලිබදව දුකක් කණගාටුවක් ඇතිවේ යයි අප විස්වාස කරන්නෙමු. උත්සහ කරන්න ඇයි මෙසේ කෙස් දැන් දෙන්නේ යන්න සොයා බැලීමට. ඔබට යතාර්ථය දැකීමට හැකිවේවා !!!
බොහොම පින් අතේ වැඩක්. පිළිකා රෝගීන්ගේ මානසික මට්ටම ගැන කියන්න මම තරම් කෙනෙක් නැතුව ඇති. දැනටමත් මගේ සහෝදරියෝ, සහෝදරයෝ සහ සහෝදරියකගේ දරුවන් දෙදෙනෙක් මිය ගියා මේ පිළිකා රෝගය නිසා.
හිසකෙස් යන එක පිළීක රෝගියෙක්ට මානසිකව ලොකු පීඩනයක් ගෙනදෙනවා. පිලික රෝගියෙක්ට දෙන්න පුළුවන් හොඳම දැ මානසිකව වැටෙන්න නොදී බලාගන්න එක , මේ වගේ දේවල් කරන එක රෝගියාට ලොකු ශක්තියක් , මානසිකව ශක්තිමත් වෙන එක ඒ අයගේ සුවයට ගොඩක් බලපානවා .වෙන රටවල අය තමන්ගේ රෝගීන්ගේ කොන්ඩේ ගිහිල්ල තට්ටය පැදෙනකොට යහළුවෝ පවුලේ අය තව ඇතුළුව තමනුත් කොන්ඩේ තට්ටේ ගානවා. මගේ අක්ක වෙන කෙනෙක් හිටියා එයාගේ කොන්ඩේ ගැලවී යනකොට පුදුම විදිහට මානසිකව වැටුන එයා ලස්සනට ඉන්න අසා කෙනෙක් . මේ තත්වයට මුණ දුන්න අය විතරෛ ඒ ගැන දැනෙන්නේ . මිනිස්සු මීට වඩා අනෙක් අය ගැන සංවේදී වෙන්න ඕන රොබෝ ල වගේ ජීවත් වෙන අයට ඒ දුක දැන්නෙන්නේ නැහැ . ගොඩක් අය සල්ලිවිසිකරලා කරන දේවල් කරනවා හැබය් අනෙක් කෙනා වෙනුවෙන් වැයවෙන්න කැමති නැහැ. තමන්ගේ කොන්ඩේ ගැහැණු ළමයෙක් කපල දන් දෙන්න පුළුවන් එක ලොකු දෙයක් මොකද ගැහැණු ළමයෙක්ට තියෙන වටිනාම දෙයක් තමන්ගේ කොන්ඩේ , මේවා මහලොකු දාර්ශනිකයන්ට තේරෙන්නේ නැහැ .
මේවට විරුධව කතා කරන්නේ ආත්මාර්ථකාමී කුහකයින් කෙනෙකුගේ දුක නොදන්නා මිනිස්සු