(යොහාන් භාසුර සහ ශාන්ත පී බණ්ඩාර)

නායයාමේ අවදානම හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තිබූ කොටසේ එක ධාවන තීරුවක් අද (17) මධ්‍යහන 12.00 ට විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි.

එම ධාවන තීරුවෙන් දෙපසටම වාහන ධාවනය කරන බව කී සර්ධා වීරකෝන් මහතා වාහන පාලනය සඳහා පොලිසියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කටයුතු කරන බව ද සඳහන් කළේය.

ජනතාව හැකි සෑම අවස්ථාවකදීම විකල්ප මාර්ග පාවිච්චි කරන්නේ නම් වඩාත් හොඳ බවත් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් තත්වය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය තව දුරටත් කටයුතු කරමින් සිටින බවත් සර්ධා වීරකෝන් මහතා වැඩි දුරටත් පැවසීය.