
(නිමල කොඩිතුවක්කු)
දැනට වෙළඳපොළේ පවතින පොහොර හිඟය ඔක්තෝබර් මාසයේ මුල් සතිය පමණ වනවිට අවසන් වනු ඇතැයිද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා අද(08) ලංකාදීපයට පැවසීය.
කොරෝනා වසංගතයෙන් පසු වෙළඳපොළේ උග්‍ර පොහොර හිඟයක් පවතින බවට ගොවීන් කරන චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ පොහොර නිකුත් කිරීම සම්බන්ධයෙන් සැලැස්ම සකස් කර ඒවා නිකුත් කිරීමට අවශ්‍ය නිර්දේශ පොහොර සමාගම් වෙත ලබාදෙන බවයි.
පොහොර හිඟය හේතුවෙන් තේ, පොල්, රබර්, ඇතුලු වැවිලි භෝග සහ එළවළු ආදී භෝග වගාකරුවෝ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති. බිම් සකස් කර බීජ සිටුවා තිබියදී පොහොර නිකුත් නොකිරීම හේතුවෙන් වගාකටයුතු සියල්ලම අඩපන වී ඇතැයිද ගොවීහු පෙන්වා දෙති.
පොහොර නිකුත් කරන පෞද්ගලික සමාගම්වල අවශ්‍ය ප්‍රමාණයට පොහොර ගොඩ ගසා ඇතත් පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ ලැබෙන තෙක් එම පොහොර තොග නිකුත් කිරීමට එම සමාගම් පියවර නොගන්නා බවටත් ඔවුහු සඳහන් කරති.
2025 නොවැම්බර් මස 21
118
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
199
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1062
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පොහොර හිඟය ඔක්තෝබර් මුලදී අවසන්
චමින්ද Tuesday, 08 September 2020 12:39 PM
ජනාධිපතිවරණය වෙලාවේ නොමිලේ පොහොර දෙනවා කියපු නිසා ඒ කාලේ සිටම සමහර වෙළඳුන් පොහොර ගෙනාවේ නැහැ. ගොවීන් අන්ත අසරණ වෙලා සිටින්නේ රටේ ආර්ථිකය තේ වෙළඳාමෙන් රැකී තියෙනවා කිව්වත් පොහොර නැතිව ආදායමක් ගැනීම දුෂ්කරයි. ඉක්මන් විසඳුමක් දෙනවා නම් හොඳයි...
Bamunuarachchi Wednesday, 09 September 2020 03:36 AM
රජයට වී විකුනන්නේ නැති ගොවියන්ට පොහොර සහනාධාරය දෙන්න එපා.