
ආණ්ඩුවේ ප්‍රබලයකුට විපක්ෂයේ කැරලිකාර මන්ත්‍රීවරයකු ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී හමු විය.
දකුණු පළාත නියෝජනය කරන ,ආණ්ඩුවේ ප්‍රබලයා තේ වතු හිමිකරුවෙක්ද වේ.
දෙදෙනා ආ ගිය තොරතුරු කතාකරන අතරේ ,ආණ්ඩුවේ ප්‍රබලයා කිව්වේ අමුතු කතාවකි." පොහොර නැතුව තේවතු නම් ඉවරයි.
මගේ තේ ඉඩමත් හොඳටම කහ වෙලා. අපිට මේවා එළියෙ කියන්නත් බැහැනේ. සද්දෙයක් දාල පොහොර වැඩේට මොනවහරි කරන්න බැරිද .
ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරයාගෙන් විමසීය. "හරි හරි ,අපි මොනවා හරි කරන්න බලන්නම්" .කියමින් විපක්ෂ මන්ත්‍රී වරයා පිටව ගියේ හයියෙන් හිනාවෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතනවා එහෙම කිව්වෙ ගාල්ලේ හොඳම වත්ත තියෙනවා කියන රත්නපුර දිස්ත්‍රික්කයේ පැරණිතම දේශපාලකයා වෙන්න ඇති කියලා.
මොනවා කරන්නද? අඟේ ඉඳන් කණ කන්නත් බැහැනේ... හොඳම වැඩේ බළලුන් ලවා කොස් ඇට බාවන එක...
ඔන්න ඔහොමයි 225 අවුරුදු 73 බෙදා හදාගෙන කෑවේ...