
(කේ.ආර්.රාජමන්ත‍්‍රී)
දැනට ගොවින් මුහුණදී සිටින පොහොර හිගය වහාම විසදා තම සියලූම ආර්ථික වගාවන්ට අවශ්‍ය පොහොර බෙහෙත් කඩිනමින් ලබාදෙන ලෙසට රජයට බලකරමින් පෙරටුගාමි සමාජවාදි පකෂයේ ගොවි අරගල ව්‍යාපාරය ෙවැලිමඩ නගරයේ ප‍්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිටදි අද(13) විරෝධතාවක නියැලිණි.
තම එකම අදායම් මාර්ගය වන එළවලූ වගාවන් ඇතුලූ ආර්ථික වගාවන්ට අවශ්‍ය පොහොර බෙහෙත් නොමැතිවිමෙන් නිසි කළට වගාවන් සිදුකිරිමට නොහැකිව අන්ත අසරණ බවට පත්ව ඇතැයි ගොවියෝ මැසිවිලි නගති.
තමන් මුහුණදි සිටින මෙම ගැටලූවට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙසට ගොවියෝ රජයෙන් ඉල්ලා සිටිති. දැනට පණවා ඇති නිරෝධායන නිති රිති වලට අනුව උද්ඝෝෂණ පැවැත්විම තහනම් කර තිබුනත් තමන් මෙම උද්ඝෝෂණ අත් නොහරින බවගොවිඅරගල ව්‍යාපාරයේ බදුල්ල දිසා සංවිධායක වසන්ත අබේකෝන් මහතා පැවසිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියව් දියව් පොහොර දියව්... අපි කන්නේ වෙනම වවන්.. දියව් දියව් කෘමිනාශක අපිට දියව්... !!!
සියලුම පුවත්පත් ආයතනවල අයට වෙනම පොහොර, මැහි තෙල් නොදා වවලා අපි කන ඒවයින් දෙන්නම්. අපේ සටන ගැන තවතවත් ප්‍රසිද්ධිය ලැබෙන්න...