‘අපේ පක්ෂයෙන් නිත්‍යනුකූල තීරණයක් අරන් නෑ පොහොට්ටුව සමඟ එක්වෙන්න. පක්ෂයේ අනුශාසක වෙච්ච මට තව වෙනකල් කියලා නෑ. තව අය ප්‍රධාන අය හිටියා ඒ අයට කියලා නැහැ. මහින්ද රාජපක්ෂ දෙතුන් වතාවක් පක්ෂය විනාශ කරන්න හැදුවා ඒත් පක්ෂය බේරගත්තේ අපි ‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවසූවාය.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පවත්වනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සංවිධානය කළ ‘අපි ශ්‍රී ලංකා සමුළුව‘ විශේෂ සම්මන්ත්‍රණයේදී මේ බව කීවාය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙසේද කීවාය.
‘අපේ පක්ෂ මේ රටේ තිබුණ අවංකම නියම පක්ෂය බව මම කියනවා. අපේ නායකවරු අවුරුදු 54 ක් තමන්ගේ දේවල් ජනතාව වෙනුවෙන් කැප වුණා මිස රටේ දේවල් දැහැගත්තේ නැහැ. ලේ හලලා ප්‍රජා අයිතිවාසිකම් රැක්කේ. 2005 පස්සේ ඒ තත්ත්වය සම්පූර්ණයෙන් විනාශ වුණා. රාජ්‍ය පාලන තන්ත්‍රය හිතා මතා දූෂ්‍ය කරා.
ඒ අයගේ හොරකම් කතා කරන්නේ නෑ. කීප දෙනෙක් කරන්න ඇති සුළු වශයෙන් .මේ රටට අඩු තරමින් ප්‍රජාන්ත්‍රවාදී පක්ෂ දෙකක් ඕනි. එක පක්ෂයක් තියාගෙන රටක් ගොඩ නගන්න බෑ. අපේ පක්ෂ ලේසියෙන් මරන්න බෑ. දැන් මේ අය පක්ෂය විනාශ කරලා මොකද්ද සෙල්ලමක් කරන්න හදනවා.
මේ රටේ තිබුණේ ප්‍රධාන පක්ෂ දෙක එකිනෙකාට විරුද්ධ ගහ බැන ගන්න යුගයක්. එජාපය සන්ධානගත වුණේ නෑ කවදාවත් . අපි සන්ධානගත වුණා. දෙමළ මුස්ලිම් අය පක්ෂයට ගත්තේ මම. එහෙම නැතුව මේ රට කරන්න බැහැ.
එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වෙන්න කලින් නම් අපිට හානි කළා. නමුත් අපි සන්ධානගත වුණාට පස්සේ නම් අපිට කිසිදු හානියක් වුණේ නෑ මේ අවුරුදු පහේදී. මම එක්සත් ජාතික පක්ෂය උස්සලා තියන්න උත්සාහ කරනවා නෙවෙයි මේ තමයි ඇත්ත.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)








COMMENTS
මගේ දෙයියනේ ! රැකගන්න ඉන්න සෙනග දැක්කම බය හිතෙනවා. දිගටම සටන ගෙනියන්න. කොහෙවත් මගහැරලා එහෙම යන්න එපා.
ඡන්දෙන් පස්සේ කවුරු කවුරුත් ගුටි කන්න ලෑස්ති වෙන්න එහෙමනම්.
මෙතැන ඉන්න කට්ටියගෙන්ම පේනවා මොකක්ද මේ අටමගලේ කියලා
අනේ.. මේ... ශ්‍රී.ල.නි.ප. ය රකින්නම තමයි මේ හදන්නේ..
එන්න එපා !!!!
2015 වම තමා වෙනසකට තියෙන්නෙ වෙල්ගම මහත්තයා එ පැත්කට ගිය එක විරතයි. අනිත් හැමොම 2015 සිරිසේන මහත්තයට සහාය දීපු සැට් එක. වැඩි දවසක් නැහැ දවස් 11 යි ජනාතාව ඉන්නෙ කාගෙ පැත්තෙ දැයි බලා ගන්න පුලුවන්.
අනේ අපොයි, සු ගාලා විස්සක් විතර සෙනග ඉන්නවා! සජිත්ගේ ජය තහවුරුයි!
වෙල්ගම ට කළුතරින් ඡන්ද 100 ක් වත් ලැබෙයී. චන්ද්‍රිකාට අත්තනගල්ලෙන්වත් ලැබෙන්නේ එයාගේ ඡන්දෙ පමනයී. 2018 පෙබරවාරි 10 දින, පළාත් පාලන ඡන්දෙන් ඒ බව හොදටම ඔප්පු වුනා.
ඇමරිකන් ව්රෝධී පොහොට්ටුවේ නිර්මාතෘ ඇමරිකන් පුරවැසියෙක්. පවුල් බලය සහ ජාතිවාදය මත පදනම්වු එවැනි පක්ෂයක් සමග රටට හෝ වෙනත් දේශපාලන පක්ෂයකට පැවත්මක් කොහින්ද.
ශ්රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අනිවාර්යයෙන්ම රැකගත යුතු පක්ෂයක්. මිට කලිනුත් ආසන 8 ට බැස්සත් පක්ෂය ආයේ නැගිට්ටා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙදී සැලකිය යුතු ආසන ප්‍රමානයක් දිනා ගැනීමට හැකියාව තිබෙනවා දැන් සිටම දුෂිතයන් එලවා දමා උගත්, ජනතා දුක දන්නා නායකයන් ඉදිරියට ගතහොත්.
මොකක්ද ඔයාලගේ පක්ෂය?
දුකට කාරණාව බස්වලින් එක්සත්ජාතික පාක්ෂිකයන්ව අරන් ඇවිත් පවු.!
ඇමෙරිකානු පුරවැසිබාවය හිමි කිහිපදෙනෙකු ගේ අවශතාවය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරටුවට හානිකිරීම එක්පවුලක් සහ අවස්ථාවාදී කිහිපදෙනෙකු දරන උත්සාහය නිසා පක්ෂය ආරක්ෂා කිරීමට නම් සියලු කොන්ද කෙලින් තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් එක්විය යුතු අවස්ථාව එලබ ඇත. ලංකවේ මෙන්ම ලෝකයේ දියුණු රටවල මෙන් ප්‍රධාන පක්ෂ ආරක්ෂා කරගැනීමට එම පක්ෂවල සාමාජිකයන් ඉදිරියට පැමිණිය යුතුය.
රටත් පක්ෂයත් කාපු අය අනුන්ට ඇගිලි දික්කරලා හොරු සමග තවදුරටත් ගමනේ. මෙයා තමයි පළමුවෙන්ම පක්ෂය කැඩුවේ. අද බොරු කියනවා.
හිටපු ජනපතිනියට යථාර්තය තේරුණ එක රටේ වාසනාවක්.
පරණ යාලුවෝ හමු උනාමත් සතුටක් දැනෙනවා ඇතිනේ!
ඉතින් එහෙම තීරණයක් ගන්න අවශ්‍ය නැහැනෙ, කවුද පොහොට්ටුවට එකතු වෙන්න කිව්වෙ?
එක මනුස්සයෙක් විතරක් ඉන්න දේශපාලන පක්ෂයක් දැක්කමයි.
උතරිතර ශ්‍රී ල නි ප සභාපතිතුමනි ඔබ කොහිද ? "මේ කවුද ? මේ මොනවද කරන්නේ ? "
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම සම්බන්ධතාවයක් නැති අයත් වද්දගෙන නේ. ඔච්චර පාක්ෂිකයින් පිරිසක් එකතු උන එකේ අපරාදේ ඒ වැඩේට ඉඩ දුන්නේ. දැන් අර නාලිකා වලින් ඕකට දෙයි ඇට්ටි හැලෙන්න.
ඔබ බණ්ඩාරනායක මැතිණියට නින්දාවක්. ඔබ මේ පළාතේ එනකොට මිනිසුන් ඔබට හූ කියන හේතුව තවම ඔබ තේරුම් ඇරන් නෑ.
ඒ.ජා.පෙ. කට්ටිය පිරිවරාගෙන කියන්නේ නිදහස් පක්ෂේ රකින්න කියලා. විජය කුමාරතුංග එක්ක මහජන පක්ෂේ හැදුවේ ශ්‍රීලනිපෙ රකින්නද?
මහජන පක්ෂය හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා නෙමෙයිද? මේ මනුස්සයානම් ලැජ්ජාවක් කියන දේ හඳුනන්නේ නැතිව බොරු කියන කෙනෙක්.
මේ අය ගැන ලියන්න බොහෝ දේවල් ඇත. මේ අයගේ දේශපාලනය පුද්ගලයකුට විරුද්දව කරන දේශපාලනයක් මෙතන ඉන්න කිසිම කෙනෙක් රට වෙනුවෙන් හෝ ජනතාවගේ දැවෙන ප්‍රශ්න හදුනා ගෙන ඉදිරියට ආ අය නොවේ. ඇත්තට මේ අය මොනවද කරලා තියෙන්නේ කියලා තමන්ගේ හදවතට තට්ටු කරලම හිතන්න.
ඔබතුමිය ගත්ත තීරණය ඉතාම හොදය. මොකද...පොහොට්ටුව මේ ඡන්දයෙන් පැරදුනොත් ඉවරට ඉවරයි... ඒ වුනාට ශ්‍රීලනි පක්ෂය බණ්ඩාරනායකවරු දිවිහිමියෙන් හදපු... ලෝකයේ පළමු ජනාධිපතිනිය බිහිකරපු ලෝක පුජිත පක්ෂයක්. වහාම පෙරමුණ අරන් මේ ශ්‍රී ල නි පක්ෂයට කරන්න යන වියසනයෙන් පක්ෂය බේරගන්න.
කකුලෙන් අදිනවා ඉවරයක් නෑ. තව දින හතයි!
රාජිත , වික්‍රමබාහු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකිනවද ?
චන්ද්‍රිකා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ලේ තමන්ගේ කොට්ටශයෙන් ගත්තේ ඡන්ද 61. මේක තමා මෙයාට කරන්න පුළුවන් එකමදේ.
අපට මතකයි රාජිත ඒ කාලේ මෙයාට කථා කළ භාෂාව. ලැජ්ජාව කොහේ ද දන්නේ නැහැ.
මෙයාලා රෙදි ඇදගෙනද ඔහොම හිනා වෙලා ඉන්නේ... කියනවනම් කියන්න පුළුවන් මට. අම්මප ලජ්ජා නහර කපලද මේගොල්ලන්ගේ... දේශපාලනේ තරන් අසික්කිත මඩ ගොහොරුවක් මම මගේ ජීවිතේට දෙකල නැහැ.
ඇත්තටම ලැජ්ජ නහර කපපු දේශපාලඥයන්..... ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයිලු. අනේ අපිටත් මේ කෝලම් බලන්න වුනේ මේ රටේ ඉපදුන නිසයි.
පුතා ලංකාවට එක්කගෙන එන්න. පක්ෂය බේරගන්න පුතාට දෙන්න. පුතානම් තාත්තා වගේමනේ. මේ රටේ මිනිස්සු විජයට තාමත් ආදරේනේ. 1994 ඔබතුමිය පක්ෂය නැගිට්ටවලා ගත්තා වගේම ඔබේ පුතා පක්ෂය නැගිට්ටවලා ගනීවි. සිරිමාවෝ කුල කාන්තාව රැකගෙන ආව පක්ෂය මුණුපුරා නැගිට්ටවල ගන්නවා නොඅනුමානවම.
චන්ද්‍රිකා ඉදිරිපත් වීම ඉතා හොඳ දෙයක්. අනිත් එක ලංකාවේ වෙන මොන පක්ෂෙට සහයෝගය දුන්නත් කමක් නෑ, ඇමෙරිකන් කාරයන්ගේ පක්ෂවලට නැතුව.
දැන් යන තැනකට වැඩක් කර ගන්න. තවත් රට කන්නේ නැතුව.
ඇමරිකන් පුරවැසි භාවය තියාගෙන රටේ ඒකීය භාවය හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් දැනුන යමක් කල මිනිහා හොදයි ඔය අපේ බදු සල්ලිවලින් තමන් කළා වගේ වනාන්තර කප කපා පොඩි ගෙවල් අටෝ අටෝ ඇමරිකාවට අක්කරය 1800 ට ලියල දෙන්න ගිවිසුම් ගහන ශ්‍රී ලාංකික පුරවැසියාට වඩා. අද කාලේ ඇමරිකන් පුරවැසිභාවය කියන්නේ ලෝකේ ඕනෑම මිනිහෙක් ගන්න උත්සාහ කරන වරප්‍රසාදයක් ,දරුවන්ගේ විදෙස් අධ්‍යාපන කටයුතු සදහා මේවා ඕන වෙනවා. මට පුලුවන්නම් මමත් ගන්නවා , නමුත් ගත්තයි කියල උපන්බිමට ද්‍රෝහී වෙන්නේ නැහැ.
මේවායින් පෙන්නුම් කරන්නේ මේ පක්ෂවල අයට තමන්ගේ බලය රැකගැනීම තමයි තියෙන එකම කාරිය .. ඒ ටික කරගන්න උරුලාවගේ හරි පිට කසයි. එහෙම නම් මොවුන්ට පාලනය ලබා දීම කියන්නේ අපිට මොන වගේ තත්වයක් උදාවෙන්න පුළුවන් ක්‍රියාවක්ද කියලා මේවායින්වත් නොතේරෙනවා නම් ඉතින්.. වෙන කියන්න දෙයක් නැහැ...
අපේ රටේ මිනිස්සු කාගේ හරි දෙයක් දැක්කොත් මාර විදිහට උඩපනිනවා.
ඔබ තුමියට නිනුට්‍රල් එකේ හිටියනම් නේද හොඳ. ආදර්ශය: මෛත්‍රිපාල සිරිසේන මහතා. ඔබ තුමියගේ නම්බුව තියාගන්න. ළඟ බලන්න එපා.
රතු අලි කඩේ යනවා නොවැ...