(අජන්ත කුමාර අගලකඩ)
මහමැතිවරණයේදී තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගී වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද(05) පැවැති සාකච්ඡාවේදී පැවැසීය.
තමා ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් තරග කළ නිසා, මහමැතිවරණයේදී එහි රැස්වීම්වලට සහභාගී වීම ගැටලුවක් නොවන බවද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහමැතිවරණයේදී පොදුජන පෙරමුණේ රැස්වීම්වලට සහභාගී වන්නේදැයි පුවත්පත් කතුවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තමා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ජනාධිපතිවරණයට පෙර සිට ම ලබාගත් බවද ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
ඕකත් කියන්න දෙයක්ද ජනතාව දන්නවා. පොහොට්ටුවෙන් අවට මලක් වගේ පිපිලා ලස්සන වෙලා සුවඳ හමුවේ.. පෙති හැලෙන එක විතරයි... මෛත්‍රී වගේම තමයි කවුරුහරි තල්ලුවක් දෙන්න ඕනෑ වැඩ කරන්න.
අාවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඔබ තවමත් හොර ඇමෙරිකානුවෙක් බව අපි දන්නවා.19වැනි සංශෝධනය තවත් බලවත් කරලා ජනාධිපතිගේ බලතල ඔක්කොම අගමැති යටතට අරන් ඔහේව හන්චි ෆයිෂ් කරනවා අපේ සජිත් මහත්මයා බලයට පත්වුණා වහාම...
ඕක එතරම් ලොකු දෙයක් නොවේ. ඔබතුමා ආරක්ෂක ලේකම් හැටියට සේවය කරන කාලෙත් රජයේ නීතිවලට පටහැනිව සහෝදරයාගේ ඡන්ද රැස්වීම්වලට සහභාගී වුණා නේද?
මෙයා නීතිගරුක ජනපති කෙනෙක් නොවන බව යළිත් වරක් මෙම තීරණය මගින් තහවුරු කර තිබෙනවා...! හිටපු ජනාධිපති සිරිසේන ගොයියා නම් ප්‍රචාරක රැස්වීම් වලට මොන හේතුවක් මත හෝ වේදිකාවලට ගොඩ වුනේ නැතිබව ගෝඨා දන්නේ නැතුවත් ඇති... අපි හිතුවේ අපේ රටේ හෝ වෙන රටක ජනාධිපති කෙනෙක් ස්වාධීන පුද්ගලයෙක් හැටියට පැත්තකට වෙලා ඉන්න ඕනෑ කියලයි. ගෝඨාට ඡන්දය දුන්නේ පොහොට්ටු පාක්ෂිකයන් පමණක් වුණත් ඔහු දැන් "සේවය කරනවා" කියන්නේ හැම පක්ෂයකටම කතිර ගැසූ ජනතාවට නිසා ඒ අය වෙනුවෙන් ඉදිරිපත්වෙන අපේක්ෂකයින්ට විරුද්ධව පහර ගැසීමට ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් හෝ බලයක් නැත. එයාට කරන්න තිබෙන එකම දෙය නම් "සයිඩ් එකේ ඉඳන් වෙන දෙයක් වෙච්චාවේ" කියා බලාඉන්න එක විතරයි...!
රැස්වීම් වලට සහබාගි නොවී කොහොමද ? පවුලේ ආණ්ඩුව නේ?
යන්න ... යන්න... නැත්නම් මේ යන විධියට තුනෙන් දෙක කෙසේ වෙතත් තියන ටිකවත් ලැබෙයිද දන්නේ නැහැ.
1,600 වැටුප් ගන්න සේරම උදේම එළියට බැහැලා.
බටහිර ගැති 19 ඉවත් කර නිවැරදි තීන්දු ගැන රට කරගෙන යාමට 2/3 ලබාගත යුතුමයි...
ඇත්තටම මේ මනුස්සයටද බයියෝ කඩේ ගියේ?
මේ අර රට පාලනේ කරන්න වේලාවක් හොයා ගන්න බැහැ කිව්ව උතුමනෝද?