(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එසේ නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්‍ෂකයෙක් නම් කර ඔහුට සහය දෙන්නැයි ඉල්ලුවහොත් තම පක්‍ෂයට වෙනත් තීන්දුවක් ගැනීමට සිදුවන බව මහලේකම්වරයා සඳහන් කළේය.
මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව දෝලාවෙන් ගමන කකුල් දෙකෙන්. මේ මහත්තයා එජාපයෙන් පැන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නිසාද නැත්නම් වෙන හේතුවක් ද
ඔයාගේ පදේට නටන්නත් අපි ලෑස්ති නැහැ. ඒ වගේම ඔයා නටන්නෙත් කාගේ පදේටද කියලා අපි දන්නවා...
බළලා මල්ලෙන් එළියට! පොහොට්ටුවේ කට්ටිය දත කට නියවාගෙන බලාගෙන හිටියා SLFP එකත් එක්ක එකතුවෙන්න අපි ඕක කලින්ම කිව්වා. මෛත්‍රිපාල ජනාධිපති තුමා ඊළඟ ඡන්දෙට තරග කරන්නේ නෑ. සජිත් ප්‍රේමදාස UNP අපේක්ෂක වුනොත් SLFP එක එයාට සහායදෙනවා. පාර්ලිමේන්තු ඡන්දෙදි SLFP කට්ටිය UNP එකට එකතුවෙනවා. බැරිවෙලාවත් සජිත්ට UNP එකෙන් නාමයෝජනා නොලැබුනොත්, එයාට SLFP එකෙන් නාමයෝජනා ලැබෙනවා. UNP එකේ සජිත් කණ්ඩායම SLFP එකත් එක්ක එකතුවෙලා පාර්ලිමේන්තු ඡන්දෙට එනවා. මෛත්‍රිපාල ජනධිපතිතුමා කිව්ව කවුරුත් නොහිතන තීරණේ ඕක තමයි.
ඒ ගොල්ලන්ට ගහන්න ඇති පදයක් ඉතුරුවෙලා නැහැ..! බෙරේ පලාගෙන හුඟක් කල්.. දැන් කරේ එල්ලගෙන ඉන්නේ.. ලී කඳ විතරයි...
යූ.එන්. එකත් එක්ක එකතු වුණා නම් හරි. යන තැනකට ඉක්මනට යන්න රත්තරං...
දැන් ඉතිරිවෙලා තියෙන්නේ UNP පදය විතරයි නටන්න. මෙයා එ්කට තමයි සෙට් වෙන්නේ...
රන්ගොජගේ මහතාගේ අදහස මමත් අනුමත කරනවා. එජාපෙට කරන්න තිබෙන එකම දෙය සජිත්ට දැන් ඉඳන්ම ජනාධිපති අපේක්ෂක කම දීලා ඔහුගේ කකුලෙන් අදින්නේ නැතුව..., ඔහුට ජනපතිවරණයේදී උපරිම සහයෝගය දී ඔහුව දිනවා ඔහුගේ උදව්වෙන් ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගොඩයන්න... එජාපෙට වෙන විකල්පයක් නැත. රනිල් හෝ ඔහු සහයෝගය දෙන කිසිවකුට මිනිස්සු ඡන්දය නොදෙති..
දයාසිරි මහතාණෙනි... ඔය කියන පදේට වසර 4ක් නැටුවා නේද..? දැන් නම් බෙරේ පලුවකුත් නැහැ කියලා තමයි මහා ජනයාට වැටහෙන්නේ... කවුරු කොහොම කිව්වත් තව මාස 6කින් බලාගන්න පුළුවන්...
පදය ලැබුණොත්නේ....!!!
මේ වනවිට ඇති තත්වය අනුව SLFP අතරමං වෙනවා. පොහොට්ටුවෙන් ගෝඨා ඉල්ලනවා. UNP එකෙන් කරු ඉල්ලනවා. එජාපයේ කොටසක් ගෝඨාට උදව් කරනවා. SLFP කොටසක් ගෝඨාටත් කොටසක් කරුටත් උදව් කරනවා. මුස්ලිම්වරුනුත් 2කට බෙදෙනවා. ද්‍රවිඩ සංධානය කරුට. අවසන් ප්‍රතිඵලය ගෝඨා ජනාධිපති වෙනවා. මහින්ද අගමැති වෙනවා. රනිල් සුපුරුදු විපක්ෂනායක වෙනවා. සජිත් පිල මහින්දට උදව් කරලා ජාතික ආණ්ඩුවකට යනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විනාශයට තේරී පත්වූ සභාපති මෛත්‍රීත් සහ ලේකම් දයාසිරිත්. මීළඟ ඡන්දයත් එක්ක මේ පක්ෂය සිදීගොස් යනවා. ඒ නරක නම හිමිවෙන්නේ මේ දෙදෙනාටමයි.
පොහොට්ටුවේ පදයට නටන්න අපි සූදානම් නෑ.. අපි රිලව් වගේ එහෙට මෙහෙට පැනපැන ඉන්නවා... ඒ වාසිපැත්ත බලලා නේද?
නියමයි...
ඔබලා දැන් මොනවා කීවත් නියම නිදහස් පක්ෂ පාක්ෂිකයින් ඉන්නේ ඉදිරියේදී සැබෑ ලෙසම රටට, ජාතියට ආදරය කරන නායකයෙක් ගෙන ඒමටයි. ඉදිරියේදී ඔබතුමන්ලා වැනි අවස්ථාවාදීන් දේශපාලනයෙන් සදාකාලිකව අතුගා දමන්නටත් ඔවුන් ඉදිරියේදී වග බලා ගනු ඇත !
සජිත් කවදාවත් එ.ජා.පය දාලා යන්නේ නෑ. අනිත් පතෝල නායකයෝ මොනවා කිව්වත්. කවදාහරි සජිත් ජනාධිපති වෙනවා නම් වෙන්නේ එ.ජා.ප. යෙන්ම තමයි.
යු එන් පි එකට යන්න අවුලක් නැහැ.
ඇයි ලොක්කා කීවා මතක නැතිද මම යන්නේ ඔක්කොම ගිනි තියාගෙන කියලා? ලොක්ක දුන්න ඔක්කොම පොරොන්දු කඩකරලා මේ පොරොන්දුව පමණක් ඉෂ්ට කරලා... දැන් ඔන්න ගිනිගන්නවා.
පොහොට්ටුවේ පදේට අද ඔබතුමාලා නැටුවේ නැතුවට, 2015 උඩ පැන පැන නැටුවා අපිට මතකයි.