(ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ මහතා විය යුතු බවට සිය ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි ද ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පැවසීය.
19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අලුතින් පත්වන ජනාධිපතිවරයාගේ විධායක බලතල යම්දුරකට අහිමිවී අග්‍රාමාත්‍යවරයාට වැඩි බලයක් හිමිවන බවද මන්ත්‍රීවරයා කීය.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා දේශපාලනඥයකු වීමට සුදානම් නම්, ඔහු වටා ජනබලවේගයක් ගොඩ නැගිය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා රටේම නායකයා වීමට වුවත් සුදානම් බවට කර ඇත්තේ පදනම් විරහිත ප්‍රකාශයක් බවද එවැනි අය රජකාලෙත් බොරුවට පෙනී සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
ඔබතුමා වුණත් නරක නැහැ. උත්සාහයක් දීලා බලමු. ධනපති විරෝධී සැබෑ වාමාංශිකයෙක් නොවැ...
මෙයා කියන විදියට චමල්ට ජන බලයක් තියෙනවද? කෙලින්ම කිව්වා නම් ගෝටාට නඩු ගොඩ ගැහිලා ඉල්ලන්න. සුදුසු නැහැ. ඒ වගේම තමයි මහින්දට අගමැතිකම දෙන්නත් බැහැ. රණවිරුවන් යුද්ධය නතර කෙරුවට පසු කොහොමද වැසියන් අතුරුදහන් වුනේ පුතාලා නටපු නැටිලි... උදයංග... ගුවන් තොටුපල... ගෝඨාලා කොහොමද මිලියන ගණන් මුදල් යෙදෙව්වේ? ෆයිල් හංගලා. මම දන්නේ නැහැ. මට මතක නැහැ කිව්ව මිනිහට අගමැති කමදෙන්න. ජනතාව මෝඩ නැහැ. මේ රටට අවශ්‍ය තරුණ අවංක නායකයින් මිසක් කම්බ හොරු නෙමේ...
වයසට යන්න යන්න සමාජවාදය ගැන මතකය නැති වේගෙන, නැති වේගෙන යනවා වගෙයි. ඒ වුනාට ජාතිවාදය පදනම් කරගෙන ගොඩනැඟුණු පක්ෂයකට මේ තරම් ආදරය කරන්න පෙළැඹුනේ කොහොමද කියලා නම් හිතා ගන්නත් අමාරුයි.
මේවට තමයි කියන්නේ කැලේ උන්නු වල් බල්ලෝ ගෙදර ගෙනත් කන්න දීලා හදා ගත්තට උගේ ගතිය වෙනස් කරන්නේ නැහැ කියලා..
පලයන් යන්න. නාකි මිනිස්සු මැරෙන්න ඔන්න මෙන්න. රටේ අනාගතය ගැන තීරණ ගන්න හදනවා. මහලු නිවාස වල ඉන්න ඕනේ කට්ටිය. රටට කිසිම වැඩක් නොකරපු මිනිස්සු ...
ඇයි මේ පක්ෂයකුත් තියෙන නායකයෙක් හැමදාම අනුන්වම පත්කරන්න කතාකරන්නේ? පොඩ්ඩක් තනියමත් ඉල්ලලා බලමුකෝ දැන් ඡන්ද පදනම කොහොමද කියල බලාගන්නත් එක්ක. එක්කෝ ඕනෑ නැ. හොඳට කාල ඇඳලා ඉන්න පුළුවන්කම තියෙද්දී මොකට ඉල්ලන් කනවද නේද..?
ළමයි ඉගෙන ගත්තේ ඇමරිකාවේ... හැබැයි ගෝඨාට කැමැති නෑ. අන්තවාදී විග්නේෂ්වරන් පවුලේ නෑයා නිසානේ මේ ඔක්කොම නේද?
චමල්ට නම් බැහැ ගෝඨා එයට වැඩිය හොඳයි. නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ එකම පවුලක් නායක කමට ගන්නවට, වෙල්ගමලා වගේ පොහොට්ටුවේ කොටසක් විරුද්ධයි... රාජපක්ෂ පවුලට සම්බන්ධ නැති නිසාත්, ප්‍රාඩෝ, බෙන්ස් වැනි ලොකු වාහනවලින් ගමන් ගියාට සැබෑ වාමාංශිකයෙක් නිසාත් ඔබතුමාට බැරිද මේකට ඉල්ලලා, පොහොට්ටුවේ ප්‍රශ්නෙත් නිමකරලා, ජනාධිපති වෙන්න.
පවුලේ බූදලය පිටට යන්න දෙන්නේ නැහැ කියනවලුනේ. සාටකයෝ හිතාගෙන ඉන්නවා ඇත්තෙත් ලංකාව ඔවුන්ගේ බූදලයක් කියලයි.
ඔබතුමාට පොහොට්ටුවෙන් ඉල්ලුවා නම් විගනේශ්වරන් මස්සිනාත් එක්ක පොඩි ඩීල් එකක් ගහලා දෙමළ ඡන්ද කුට්ටියෙනුත් කෑල්ලක් කඩාගෙන ජනාධිපති වෙන්න තිබුණා. ගෝඨා, චමල්ට එහෙම චාන්ස් එකක් නැහැ. පොහොට්ටුවේ ඉන්න පක්ෂ නායකයන්ගෙන් නියම සුදුස්සා ඔබතුමා...
මෙතුමා මම දන්නා කලේ ඉඳන් පාර්ලිමේන්තුවේ, වරක් විපක්ෂේ, වරෙක ආණ්ඩු පක්ෂේ, අාපහු විපක්ෂේ, මොහු නිතරම ප්‍රකාශ කරන පීඩිත පන්තිය ගොඩගන්න එකට තමයි උත්සාහ කළේ... නමුත් පීඩිත පන්තිය එන්න එන්නම පීඩාවට පත්වෙලා... මොහු ඇතුළු ප්‍රාඩෝ, බෙන්ස්වලින් ගමන් යන පන්තියේ ජනතාව තරවූ බවක් පෙනේ... මොළය හොඳට වැඩකරන කාය ශක්තිය තිබෙන තරුණ කාලේ... මැදි වයසේදී ආණ්ඩුවේ ඇමති කෙනෙකු වෙලත්.., ඔය කියන පීඩිත පන්තිය ගොඩගැනීමේ ජොබ් එක හරියට කරගන්න බැරිවුණා නම් දැන් වයසට ගිහින් බලෙත් නැතිවෙලා ඉන්න ඔබට ඕක කරන්න කොහොමටවත් බැහැ. කරුණාකර තවත් කරදර නොකර විශ්‍රාමයන්න...
තරුණ අය ට පෙරට එන්න , මහලු මාමා ගෙදර යන්න .
මේ කතාවල තියෙනවා තරුණ නායකත්වයක් රටකට ඕන කියල. ඒක වැරදීම වැරදි අදහසක්. ඇයි මම එහෙම කිව්වේ දන්නවද? සියලු බුදුවරුන් වහන්සේලා ප්‍රයෝගිකව ඔප්පුකරල පෙන්නලා තියනවා වයස යන්න යන්න උපාය කෞශල්‍ය ඥානය හා සියුම් ප්‍රඥාව වැඩෙන බව. ඒ නිසා රටක නායකත්වයට හොද වයස අවුරුදු 60 ට වැඩි සුදුසු ශරීර සෞඛ්‍යයෙන් යුතු අයයි. මම හිතන්නේ මේ අදහස අඩංගු දේශනාව බෞද්ධයෝ බහුතරයක් අහල නැහැ. හැම බුදුවරයෙක්ම පිරිනිවන් කාලය පැමිණි විට රහතන් වහන්සේලා රැස්කරවා මහානිමිතිවලින් යුක්තවූ අවසාන මහා ප්රාතිහ්ර්ය පා අවසාන මහා සමාධිය වන අනන්ත නිර්දේශ පතිශ්ඨාන නම් සමාධිය හෙවත් අනනන්ත වූ ධර්මයන්ගේ පිහිටන සමදියට සමවැදී ඉන් අනතුරුව මේ බව ඔප්පු කරන අවසාන මහාධර්මය දේශනා කරන්නාහ. ශ්‍රී ගෞතම බුදුන් වහන්සේ ගිජුකුළ පව්වේ මේ මහා ධර්මය දේශනා කරත්දී වයසට ගොස් හිටි සැරියුත් මහා තෙරුන් මාරයා බුදුන්ගේ වේශයෙන් මෙසේ දේශනා කරනේදැයි සිතා බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න අසා සැක දුරු කරගත් බවත් පසුව බුදුන් වහන්සේ වගකීමෙන් තොරව ඒ දෙසු ධර්මය දෙසනා නොකරන ලෙස අවවාද කර එය දේශනා කිරීමට සුදුස්සන් කෙම්බදු අය දැයි දේශනා කර සල් උයනේදී අනුපාදිශේෂ පරිනිර්වාණයට වැඩි සේක .