(රංජිත් රාජපක්ෂ)

පාසල් සිසුවෙකු උස්සා පොළවේ ගැසු තිදරු පියෙකු අද (12) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.

බගවන්තලාව ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 10 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් උරණ වී පහරකෑම⁣ට ලක්වූ බව කියන සිසුවාගේ පියා, පහර දුන්නැයි කියන සිසුවාගේ නිවසට ගොස් මෙලෙස සිසුවා ⁣පොළවේ ගසා තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පාසල් සිසුවා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

පාසල තුලදි පාසල් සිසුන් දෙදෙනා අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්යය මණ්ඩලය ද ගැටුමට සම්බන්ධ පාසල් සිසුන් දෙදෙනාට දැඩි ලෙස අවවාද කර හැරීමෙන් පසුව සැකකරු පාසල් සිසුවාගේ නිවසට පැමිණ මෙසේ පහර දි උස්සා පොළොවේ ගසා තිබේ.

බගවන්තලාව පොලිසියට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙ ඇති අතර, හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.