(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
සෞඛ්‍ය අංශ නිර්දේශ කරන දිනයක නැවත පාසල් ආරම්භ කලද අදියර හතරක් යටතේ සම්පූර්ණයෙන් පාසල් පටන් ගැනීමට තවත් මාසයක පමණ කාලයක් අඩුම තරමින් ගත වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (11)මාතර දී පැවසීය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන පාලන රැස්වීමේ දී ඔහු ඒ බව කීය.
රට සාමාන්‍යකරණය කිරිමේ අවසන් පියවර ලෙස දරු දැරියන්ගේ ආරක්ෂාව වඩාත් සුරක්ෂිත වු දිනයේ දී පාසල් විවෘත කරන බවත් එම දිනය ලබන සතියේ දී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.
එම දිනය ප්‍රකාශ කල පසු දිවයිනේ සෑම පාසලක්ම විෂබීජහරණය කර නැවත දින හතරක් වසා තබන බව කී අලහප්පෙරුම මහතා පලමුව විදුහල්පති හා ගුරුවරු ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලය කැදවන බවද සදහන් කලේය.
ඉන් අනතුරුව උසස් පෙල,සාමාන්‍ය පෙල හා ඉන් පහල ශ්‍රේණි වල දරුවන් ක්‍රමයෙන් පාසලට කැදවා ගන්නා බවද කීය.
දරුවන්ගේ දෑත් සෝදා ශරීරයේ උෂ්ණත්වය බැලීම සදහා අවශ්‍ය උපකරණ ද අධ්‍යාපන අමාත්‍යාංශය සෑම පාසලකටම ලබා දීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
මෙම රැස්වීම සදහා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක,මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න,මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත යන මහත්වරු ඇතුළු රජයේ නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
ළමා අධ්‍යාපනයේ බිඳ වැටීම සැහෙන දුරට සිතිය යුතු කරුණක් වුවත් ඊට වඩා ළමා සෞඛ්‍ය වැදගත්. අනාගත රෝගී පරපුරකින් පරපුරකින් ඇති ඵලය කීම? අනිකතමා වැඩිහිටියන්ගේ සෞඛ්‍ය පුරුදු.. ළමයින් සැහෙන දේවල් ඉගෙන ගන්නේ තම දෙමවුපියන්ගෙන් හා වැඩිහිටියන්ගෙන්. මේ ටික කලට ළමයින් වගේම දෙමවුපියොත් හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඇති. කොහොම උනත් හොඳම දේ තමා තව ටික කලක් ළමයින්ව දෙමවුපිය ඇසුරේම තියනෙක. ටියුෂන් ගුරාලනම් ටිකක් කෙඳිරි ගායි. ඒත් ළමා මනසට සැහෙන නිදහසක්. අනාගත මානසික රෝගීන් අඩුවේවි.
ආණ්ඩුවේ නියාය පත්‍රය ක්‍රියාත්මක කරන්න... සෞඛ්‍ය අංශ ඇපයට තබා කරන ඩලස්ගේ ප්‍රකාශ හෙළ දකිමු... අධ්‍යාපන ඇමතිගේ අත්සනින් යුතු චක‍්‍රලේඛනයකින් තොරොව පාසල් විවෘත කිරීම මගින් අනාගත පරම්පරාවට වෙන හානිය අධ්‍යාපන බලදාරීන් බාරගන්නවද? ඇමතිය බාරගන්නවද?
ලංකාවෙ ප‍්‍රශ්න අපි විසද ගන්නම් ...
දරුවන්ට පා ගමනින් යා හැකි ගමේ පාසැල වැඩි දියුණු කරන්න. කොවිඩ් අපට දුන් පණිවිඩය අපි තේරුම් ගනිමු.
ගරු ඇමතිවරයාණෙනි. මේ වනවිට වසාදමා ඇති පාසල් වල සහ දහම් පාසල්වල ඉඩකඩ පාසල් දරුවන්ට පන්ති පවත්වන්න භාවිතයට ගන්න. ළමයි 45ක්50ක් ඉන්න පන්තිවල කොහොමද මීටරයක් තියන්නේ. පාසල් බස් වල හිටගෙන යන තරමට ලමයි පටවනවා. පන්තිවල ළමයි අඩු කරගෙන යන්න මේක හොඳ අවස්ථාවක්... ත්‍රී වීලර් වල ළමයි 12ක් පටවාගෙන යනවා මම දැකලා තියෙනවා. ඉක්මණින්ම ටියුෂන් සර්ලාට බනින්න එපා. පාසලෙන් පළමු ආදර්ශය දෙන්න. ටියුෂන් සර්ලත් හැදුවේ පාසලෙන් තමයි. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස යුධ හමුදාවේ මේජර් ජනරාල් කෙනෙක්ම පත් කරන්න කියලා අතිගරු ජනාධිපතිට කියන්න. පුලුවන් නම් පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ලෙස යුද හමුදාවේම නිලධාරීන් පත්කරන්න. එතකොට මන්ත්‍රීවරු එකඑක වැරදි වැඩවලට ලියුම් දෙන්න යන්නේ නැහැ. ඔබ හිතට අවංකව වැඩ කරන්න. ටීචින් - දොස්තරකම මෙන්ම අධ්‍යාපන ඇමතිකම කියන්නේ දිව්‍ය ලෝකේ වගේම මැරුණාට පස්සේ අපායටත් යන්න පහසු මාර්ගයක්... ඔබ ඇමති කමට හොඳයි. හැබැයි දේශපාලනයේ ජනප්‍රිය වෙන්න මෝඩ කතා කියන්න එපා. මහින්දානන්ද අලුත්ගම වගේ අය අධ්‍යාපන ඇමතිකමට කොහෙත්ම ගැලපෙන්නෑ. අධ්‍යාපන ඇමතිවරයෙක් දාර්ශනිකයන් වගේ කෙනෙක් විය යුතුයි...
චන්දෙ තියන්ඩ දවසක් දාගෙන තියනවා... නමුත් තාම පාසල් පටන්ගන්න දවසක් නැහැ... පුදුම හිතෙන රටක අපි ජීවත් වෙන්නේ
මමත් ටියුෂන් ගුරුවරයෙක්... නමුත් පාසල් නැවත ආරම්භ කල යුත්තේ අවසන් කොරේානා රෝගියාද වාර්තා වී දින 45 වත් ගතවීමෙන් පසුයි.