IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාසල් යළි ඇරඹෙයි

කොරෝනා වයිරසය ලංකාව තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමත් සමඟ දිවයින පුරා පාසල් කටයුතු අද(06) නැවතත් ආරම්භ කෙරිණි.

පාසල් සිසු සිසුවියන් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් පාසල් කරා පැමිණෙන අයුරු මෙම ඡායාරූපයන්හි දැක්වේ.

 

(ලහිරු හර්ෂණ - කොළඹ ලුම්බිණි විද්‍යාලය)

(කේ. බුද්ධික කුමාරසිරි - හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය)

(ප්‍රියානි මංගලිකා - නිකවැරටිය)

(තරංග ගුණරත්න  - කඹුරුගමුව)

(තිලකරත්න දිසානායක - ගම්පහ ගෝතමී විදුහල)

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ  - බණ්ඩාරගම ජාතික පාසල)

(ටී එල් ජව්ෆර්කාන් - මඩකලපුව) 

(ජයරත්න වික්‍රමාරච්චි- පුත්තලම සාලිය ආදර්ශ මහ විද්‍යාලය)

(රංජිත් රාජපක්ෂ - වතුකරයේ පාසල්)

(ක.ග. කරුණාරත්න - පොළොන්නරුව)

(දීපාල් ද සිල්වා - අම්බලන්ගොඩ පී.ද. එස්. කුලරත්න මහා විද්‍යාලය)​

(ප්‍රසාද් රුක්මාල් - බදුල්ල)

 

(එම් .ආර් .ප්‍රියශාන්ත -  රඹුක්කන  කෑ / සුජාතා කනිෂ්ඨ විදුහල)

(ඩබ්. ඒ. පියතිලක - පොළොන්නරුව)

(මොහොමඩ්  ආසික් - අලවතුගොඩ ජාතික පාසැල)

(එච්. චන්දන-පුත්තලම ආනන්ද ජාතික පාසල)

පාසලට පැමිණි  සිසු දරුවන්ට සෙත් පතා  කොහොඹා කන්කාරිය ආශ්‍රිත ශාන්ති කර්මයක් පවත්වා ආශිර්වාද කිරීමක් ද සිදුකෙරිණි.

(පාලිත ආරියවංශ - බදුල්ල)

(දයාරත්න ඇඹෝගම - අනුරාධපුරය)

(දිනේෂ් උපේන්ද්‍ර - කුලියාපිටිය)

(ඡායාරූප - ගයාන් අමරසේකර )  කොලොන්නාව බාලිකා විද්‍යාලය 



අදහස් (3)

පාසල් යළි ඇරඹෙයි

විජිත් Monday, 06 July 2020 07:00 AM

දුවේ පුතේ, ඔය ගොල්ලෝ ලොකු නිවාඩුවකින් පස්සේ අද පාසල් යනවා.. සතුටුයි නේද..? යහළුවන්.. ගුරුවරු.. ඔක්කොම ආයෙත් හමුවෙනවා. හැබැයි මේ පාර ටිකක් ප්‍රවේශම් වෙන්න. ලෙඩරෝග වලින්. විශේෂයෙන්ම කොරෝනා වයිරසයෙන්. ඔබ පැය භාගයකටවත් වරක් හැකිනම් අත් සෝදන්න. මුහුණුනම් අල්ලන්නම එපා. මාස්ක් එක දමාගෙන ඉන්න. හැකිනම් තවත් අලුත් මාස්ක් දෙක තුනක් ඔබේ බෑගයේ රැගෙන යන්න. පාවිච්චි කළ මාස්ක් හැමතැනම විසි කරන්න එපා. අපද්‍රව්‍ය දැමීම සඳහා නියමිත"කුණු භාජනයට" ඒවා දමන්න. වෙනදා වගේ නොවෙයි.. මේ පාර " කඩ චෝරු" කෑමෙන් ටිකක් වළකින්න. මේ අද විද්‍යාඥයින් සොයාගත්තා වායුගෝලයේ කුඩාම අංශු මතත් කොරෝනා වයිරසය පවතිනවා කියලා. නිරාවරණය කළ, ආහාර විකුණන තැන්වලින් "අරවා, මේවා.." කන එක නවත්වන්න අමාරු තමයි. එ්ත් ඉතින් මොනවා කරන්නද.? අනවශ්‍ය ලෙස වැස්සට තෙමෙන්න එපා. විශේෂයෙන් අලුත් වැස්සට... පාසැල් බස් එකේදීත් හැකි උපරිමයෙන් ප්‍රවේශම් වෙන්න. තව එකක් එ්ත් මේ කොරෝනා ගැන නොවෙයි.. ඔබ බසයෙන් බැස්ස පසු .. බසයේ " පිටුපසින්" ගොස් පාර මාරුවෙන්න. ඉතින් දරුවනි, හොඳට ඉගෙනගෙන රටට වැඩදායි, නීති ගරුක, විනීත, අවංක රටවැසියෙක් වෙන්න. ඔබට " සුව දායක" පාසැල් වාරයක් මම පතනවා.

:       0       245

සමිත සේනක අලුත්ගමගේ. Monday, 06 July 2020 07:17 AM

රටේ ජීවනාලිය බඳු මේ සුන්දර ළමා පරපුර කිරිකොකුන් සේ දුටුවිට සිතට ඇති වන්නේ පුදුමාකාර සතුටක්... මේ සුන්දර පාසල් විය අප ගෙවූ ආකාරයට වඩා මේ දරුවන්ට හිස මත පැටවී ඇත්තේ මොනතරම් වගකීම් සම්භාරයක්ද? කොරෝනා කළ මේ හදිය සුළුපටු කරදරයක් නොවේ. මීටරේ දුර මුහුණුවැස්ම ආදියත්, වෙනදා එකට කෙළිදෙලෙන් එකිනෙකා ආසන්නයේ සිටි ජීවිතය අද දුරස් වී ඇත.. අනේ ! දරුවනේ, ඒත් මේ වසංගත වෛරසය මේ රටින් තුරන් වෙනතුරු ඔයාලට මෙසේ ඉන්න සිදුවෙනවා. මෙය මහ කරදරයක් වුණත්, නිරෝධායන නීතිරීති හරිහැටි පිළිපදින්න. ඔබගේ විනය හා නීතිරීති පිළිපැදීම තුළ ඔබේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවක් පවතියි. එ් නිසා බුද්ධිමත් දරුවනේ, මේ මොන බාධක ආවත් අධ්‍යාපන කටයුතු ඉහළින්ම කරගෙන මේ රට ලොව බුද්ධිමත් පැත්තෙන් ඉහළටම ගෙනයෑමේ වගකීම ඔබ සියලු දෙනා සතුයි. ලෝකය රටකට සලකනුයේ එහි සිටින අන්තවාදී අනුවණයන් නිසා නොවේ. බුද්ධිමතුන් වෙනුවෙනි.., එබැවින්, ඔබ බුද්ධිය මුවහත් කරගෙන මේ රටත්, ලෝකයත් බබලවන්න කටයුතු කරන්න දරුවනේ... ඔබසැමට ජයෙන් ජය...!!!

:       0       245

පූජා Monday, 06 July 2020 10:13 AM

අපි පාසැල් ගිය ඒ සොඳුරු මතකය අලුත් වී, දෑසට කඳුලක් නැඟුනි. මොනවා කරන්නද ප්‍රිය දරුවනේ..? කාලය මැවූ වෙනසක අරුමය... ජීවිතේ හැම දෙයක්ම අපට කැමති විදිහට වෙන්නේ නැහැ... අපේ කාලයට වඩා ඔයාලගේ වර්තමානය අභියෝග වලින් ගහණයි. මට හොඳටම විශ්වාසයි ඔබලා උට්ඨාන වීර්යයෙන් යුක්තව ඒ අභියෝගය ජය ගන්නා බව.. අපි පාසැල් යන කාලයේ "ගුරු දෙවිවරුන්" අපට කියා දුන් වැකියකින් මම මේ සටහනින් නවතින්නම්.. "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13507 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 935 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site