IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පහරදුන් සැකකරු රිමාන්ඩ්


(ඩී. ජී. සුගතපාල)
 
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු  30 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද(18) නියෝග කළාය.
 
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවෙකු බව කියන 41 හැවිරිදි පුද්ගලයෙකි.
 
ඉකුත් 9වනදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර පැවති අවසන් තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ලකුණු 11කින් ජයග්‍රහණය කිරීමත් සමඟ 150ක පමණ පිරිසක් ක්‍රීඩාංගණයට කඩාපැන ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියාසිටියේය. 
 
 
පසුව ජයග්‍රාහී සාන්ත තෝමස් කණ්ඩායම ක්‍රීඩා මණ්ඩපය  වෙත එමින් සිටියදී කලහකාරි පිරිස ඔවුනට පහරදී ඇති බවත් එහිදී කණ්ඩායමේ නායකයාට අතින් පයින් සහ කොඩි කණුවලින් පහරදී ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
 
පහරදීම සම්බන්ධයෙන් සාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පැමිණිලි කිරීමෙන් පසු පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
 
මෙම පහරදීම සම්බන්ධයෙන් තවත් විස්සකට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගැනීමට නියමිත  බව ද පොලිසිය අධිකරණයට පැවසීය.



අදහස් (17)

පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පහරදුන් සැකකරු රිමාන්ඩ්

dias Thursday, 18 April 2019 09:11 AM

ක්‍රීඩාවක ජය පැරදුම එකසේ භාර ගත නොහැකි නම්, ක්‍රීඩා කිරීම නතර කර දැමිය යුතුයි.

:       0       114

මුණසිංහ Thursday, 18 April 2019 09:16 AM

පාසල් විනය රකින්න නම් වැරදි කරුවන්ට නිසි දඩුවම් දිය යුතුමයි.

:       0       109

මුණසිංහ Thursday, 18 April 2019 09:16 AM

පාසල් විනය රකින්න නම් වැරදි කරුවන්ට නිසි දඩුවම් දිය යුතු මයි.

:       0       52

Bamunuarachchi Thursday, 18 April 2019 09:26 AM

මේවගේ පාහරයින්ව අතින් පයින් නොව දෙකේ දෙකේ පොලුවලින් පහරදී ආදීශිෂ්‍ය තත්ත්වයෙනුත් පන්නා දැමිය යුතුවේ. ක්‍රීඩාවේ පළමු පරමාර්ථය ජය පරාජය සතුටින් භාර ගැනීම ඉගැන්වීමයි. සමාජයට පිළිලයකි.

:       0       188

max Thursday, 18 April 2019 09:29 AM

මුළු මහත් දකුණු ලකටම නින්දා කළ මේ අලජ්ජි නරබන්නට උපරිම දඩුවම් දීම ක්‍රීඩාවේ උන්නතියට හේතු වනු ඇත.

:       0       170

රවින් Thursday, 18 April 2019 09:35 AM

ක්‍රීඩාවේ නාමයෙන් උපරිම දඬුවම් ලබාදෙන්න. මෙවැනි පියවරුන්ගේ දරුවන්ගෙන් අනාගත ශ්‍රී ලාංකිකයින් බලාපොරොතු විය හැකි දේ ඔහුගෙන්ම විමසා පල කරන්න. කකුළුවා ඇදේට යනකොට පැටවුන් කෙලින් යාවිද?

:       0       75

JN Thursday, 18 April 2019 09:42 AM

බෙන්තර ගඟෙන් එහා මිනිස්සු හරි වෙනස් ඇයි අම්මෙ..

:       426       584

channa Thursday, 18 April 2019 10:19 AM

මහත්වරුන්ගේ ක්‍රීඩාවට ගිය කලක්.......

:       0       153

රවීන් මීවැල්ල Thursday, 18 April 2019 10:22 AM

දකුණේ පාසල් එක්ක මොන ක්‍රිකට්ද? ක්‍රිකට් සෙල්ලම් කරන්න ඕනේ වැදගත් මිනිස්සු එක්ක.

:       300       198

Surasena Thursday, 18 April 2019 10:28 AM

ප්‍රධාන සැකකරු තාම එලියේ. ගාල්ලටම නින්දාවක්

:       0       113

Keerthi Thursday, 18 April 2019 10:33 AM

ඊලගට අත් අත්අඩංගුවට ගත යුත්තේ රිච්මන්ඩ් විදුහලට පිළලයක් වූ, බීමතින් ආදි සිසුන් උසිගැන්වූ කෙනාවයි..

:       0       64

Kapila Deshapriya Thursday, 18 April 2019 11:42 AM

ගැටුම අවසන් ප්‍රතිඵලයි, නමුත් එයට හේතුව විනිශ්චයකරුවන්ගේ සහ පාසල් ක්‍රීඩා බාර නිලධාරියගේ පහත් ක්‍රියාකලාපයයි.

:       0       0

මුණසිංහ Thursday, 18 April 2019 01:44 PM

එකෙක් දෙන්නෙක් වැරදි වැඩක් කලාම ඔක්කොම එක ගොඩට දාන්න බැහැ රවින්. කොළඹ වගේ ගාල්ලේ පාසල්වල ළමුන්

:       0       1

Jehaan Thursday, 18 April 2019 01:48 PM

ආදී සිසුන් ලෙස මහත්මාවරුන් බිහිවීම මීට අවුරුදු ගණනාවකට පෙර නවතින ලකුණු පහළ විය. ක්‍රීඩා පිටියේදී රගර් ක්‍රීඩා විනිසුරුට පහර දුන් දේශපාලු පුතුන් ක්‍රීඩාවේදී , අම්මා අප්පා විකුණා හෝ ජයම ලැබිය යුතු බවට නරක පුර්වාදර්ශයක් සමාජයට දුන් බව මතකයි. ඉතින් දැන් සාමාන්‍ය ජනතාව මෙහෙම කලබගෑනි කිරීම අරුමයක් නොවේ.

:       1       0

rasika Thursday, 18 April 2019 03:35 PM

කොළඹ ඇතුළුව ප්‍රධාන පාසල් කියලා සංවර්ධනය කරලා, උපරිම පහසුකම් සපයලා ගොඩනගන මානව සම්පත මෙතරම් දුර්වල නම්, මේ තරම් පිරිහිලා නම්, ගම්බද පාසල්වලට සහ අධ්‍යාපනයෙන් සහ හැසිරීමෙන් මෙන්ම රටට වැඩදායී මිනිසුන් බිහිකළහැකි ගම්බද පාසල්වලට මෙවැනි පහසුකම් ලබාදීමෙන් රටට වැඩදායී මිනිසුන් බිහිකළ හැකිය.. නගරයේ පාසල් සහ ගම්බද පාසල් අතර වන දැවැන්ත පන්ති පරතරය නැති කිරීමට දැන් කාලයයි.

:       1       0

එරන්ත Thursday, 18 April 2019 07:41 PM

දකුණේ අය රටටම පිලිළයක් වෙලා . ජාතික කණ්ඩායමේ අසමගියට හේතුවත් අපේ බෙන්තර ගඟෙන් එහා අය... අන්තිමට දකුණෙන් නායකත්වයට යොජනා කල දෙන්නාම එලියෙ. කුහකකම දකුණේ පිරී ඉතිරී ගිහිල්ලා. ⁣

:       15       0

Abiya Friday, 19 April 2019 05:52 AM

ප්‍රසිද්දියේ සමාව ගත යුතුයි......

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1231 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 447 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site