(ඩයනා උදයංගනී)
පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර ලබන අගෝස්තු මාසයේ දී තැබීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
අධ්‍යාපනය අවුරුද්දක් නැති වුණොත් ඒ පාඩුව සදාකාලිකව පියවා ගත නොහැකි බව කී අමාත්‍යවරයා පාසල් දිගින් දිගටම වසා තැබීමේ හැකියාවක් නැතැයි ද සඳහන් කළේය.
එබැවින් මුළු රටම විවෘත කිරීමේ කොටසක් ලෙස පාසල් විවෘත කිරීමටත් පියවර ගන්නා බව කී අමාත්‍යවරයා එම කාර්යය පියවරෙන් පියවර සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව සිදුකරන බව ද කීවේය.
දිවයින පුරා පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී අද (12) නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
COMMENTS
එතකොට ගුරුවරු එන්නත් ගසාගෙන උගන්වන්නේ ඩෙස් බංකුවලටද? මොඩර්නා එන්නත පාසල් දරුවන්ට දී ඔවුන් සුරක්ෂිත කරන්න. දරුවෙකුට කරදරයක් වුවහොත් රටේ විරෝධය පාලනය කළ නොහැකි තැනකට වැටෙන්නට වුවද ඉඩ ඇති බව මේ යන තත්වය දකින සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට වුවද වැටහේ...!!!
පාසල් ආරම්භයට පෙර වයස 12 ට වැඩි සියලු දරුවන් ට එන්නත් ලබා දේ යැයි විශ්වාස කරමු. දරුවන් යනු රටේ අනාගතයයි.
එතකොට දැං යන ස්ට්‍රයික් එක වැඩක් නැහැ නේද? ළමයින්ට නිවාඩුවක් දුන්නා කියලා හිතමු නේද?