IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පාසල් ආරම්භය අගෝස්තුවේදී

(ඩයනා උදයංගනී)

පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර ලබන අගෝස්තු මාසයේ දී තැබීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

අධ්‍යාපනය අවුරුද්දක් නැති වුණොත් ඒ පාඩුව සදාකාලිකව පියවා ගත නොහැකි බව කී අමාත්‍යවරයා පාසල් දිගින් දිගටම වසා තැබීමේ හැකියාවක් නැතැයි ද සඳහන් කළේය.

එබැවින් මුළු රටම විවෘත කිරීමේ කොටසක් ලෙස පාසල් විවෘත කිරීමටත් පියවර ගන්නා බව කී අමාත්‍යවරයා එම කාර්යය පියවරෙන් පියවර සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව සිදුකරන බව ද කීවේය.

දිවයින පුරා පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී අද (12) නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 



අදහස් (3)

පාසල් ආරම්භය අගෝස්තුවේදී

භාගෙට දැක්ම Monday, 12 July 2021 05:11 PM

එතකොට ගුරුවරු එන්නත් ගසාගෙන උගන්වන්නේ ඩෙස් බංකුවලටද? මොඩර්නා එන්නත පාසල් දරුවන්ට දී ඔවුන් සුරක්ෂිත කරන්න. දරුවෙකුට කරදරයක් වුවහොත් රටේ විරෝධය පාලනය කළ නොහැකි තැනකට වැටෙන්නට වුවද ඉඩ ඇති බව මේ යන තත්වය දකින සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට වුවද වැටහේ...!!!

:       0       1

කිරිපුතා Monday, 12 July 2021 06:54 PM

පාසල් ආරම්භයට පෙර වයස 12 ට වැඩි සියලු දරුවන් ට එන්නත් ලබා දේ යැයි විශ්වාස කරමු. දරුවන් යනු රටේ අනාගතයයි.

:       0       0

මුණසිංහ Tuesday, 13 July 2021 06:29 AM

එතකොට දැං යන ස්ට්‍රයික් එක වැඩක් නැහැ නේද? ළමයින්ට නිවාඩුවක් දුන්නා කියලා හිතමු නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site