IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


පසුපෙළ මන්ත්‍රීවරු විමල්ගේ වැරදි අගමැතිට කියති

ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ  පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් 43 දෙනකු අගමැතිවරයා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේ මෙම පැමිණිල්ල කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මුස්ලිම් අන්තවාදය සමග දීග කෑමට ආණ්ඩුවේම සමහර පිරිසක් සූදානමින් සිටින බවට වීරවංශ මහතා කොළඹදී 9 වැනි දා  පැවැති සමුළුවකදී කළැයි කියන ප්‍රකාශය මන්ත්‍රීවරුන් මෙම පැමිණිල්ල කිරීමට ආසන්නම හේතුව බව ද පැවැසේ.



අදහස් (14)

පසුපෙළ මන්ත්‍රීවරු විමල්ගේ වැරදි අගමැතිට කියති

mihira Thursday, 11 March 2021 03:22 PM

දැන් මහින්ද ඕක අහලා විමල් අස් කරයි නේද? කොහෙන් හිනාවෙන්නද මන්දා මේවට?

:       1       49

sampath Thursday, 11 March 2021 03:29 PM

ඔය එක පෙළක්වත් පහුගිය කාලේ හිටියේ නෑ. මොනවා වුණත් මුලින්ම පාරට බැහැපු මිනිස්සු පස්සේ ඇවිත් කොටවලා ගතු කියලා.. ආයෙ හිටපු තැනට තල්ලු කරන්නයි හදන්නේ... බලේ තියෙද්දී මොලේ නෑ කියන්නේ ඕකයි.

:       2       37

Raveendra Thursday, 11 March 2021 03:47 PM

විමල්ද, නිමල් ද කවුද කියා අපට අදාළ නැත. කෙනෙකු තව කෙනෙකුගේ වැරදි කියනවා හෝ අඩුපාඩු හොයනවා යනු ඒ පුද්ගලයා 100% නිවැරදි පුද්ගලයකු විය යුතුමයි. ලොවේ කොතනකවත් 100%ක් නිවැරදි මිනිසුන් නොමැති බව අනිකාගේ වැරදි කියන මේ "තකතීරුවන්ට" නොතේරෙන කරුණ මළපොතේ අකුරක්වත් නොදන්නා නූගත් මිනිසුන්ද වටහාගත් කරුණකි. එබැවින් මේ "එක එකාගේ වැරදි හොයන්නේ මූසලයන්" බව අමුතුවෙන් කිව යුතු නැත. දියවන්නාව පට්ටියේ ඉන්නා තරමක් තිරිසනුන් ඉන්නේ අනිකාගේ වැරදි හොයන අය බව මෙයද කදිම උදාහරණයකි.

:       4       39

Rata Perata Thursday, 11 March 2021 06:17 PM

විමල් කියන්නේ කවුද කියලා දැන්ද දන්නේ...? නම් වෙනස් කරගෙන පවුල් වලට ආණ්ඩුවේ ගෙවල් දීලා නෝනට පාස්පෝර්ට් 02 ගානේ හදලා.. දැන්ද අගමැතිට කියන්න ඕනෑ වුණේ? ඉතින් නිවැරැදි කෙනෙක්ද? එයත් හෙල්පින් හම්බන්තොටින් ගැහුවේ..

:       3       4

Kumara Thursday, 11 March 2021 06:21 PM

ඒවා නම් කොහේද නේද විමලේ? අගමැතිතුමාට ගෙදර යන්න වුණොත් මිසක්...

:       0       2

විපරමා Thursday, 11 March 2021 08:27 PM

විමලේ විතරද වැරැදි. ඉන්නේ වැඩිහරියක් අනුන්ගේ දේවල් හොයන අය. තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ නොපෙනුණාට අනුන්ගේ ඇස්වල තියෙන රොඩු නම් පේනවා.

:       2       0

Ravi Friday, 12 March 2021 01:54 AM

මම හිතන්නේ අගමැතිතුමා දැන් විමල්ගෙ කණ මිරිකලා ඔළුවට හොඳ ටොක්කක් අනියි.

:       0       2

pradeepa Friday, 12 March 2021 03:18 AM

ඔය 45 දෙනාම පාර්ලිමේන්තු ආවේ විමල්ලාගේ කැපවීම් නිසා. දැන් හරි නැහැ. ඕක මහින්දගේත් පුරුද්දක්. මහින්දත් නගින්න දුන්නු ඉනිමගට පයින් ගැහුවා මතකයිනේ.. ජවිපේ.., ශ්‍රීපති, එල්.ටීටී.ඊ., මංගල...

:       2       11

ruwan Friday, 12 March 2021 04:27 AM

සෞභාග්‍යයේ දැක්ම කෙසේවෙතත් බැසිල්ගේ දැක්ම නම් මේ දිනවල හොඳ්න් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ. 2015දී මහින්ද මහතාගේ පරාජයට බැසිල්ගේ ක්‍රියාකලාපය හේතුවක් විය. ඒ පරිද්දෙන්ම ගෝඨාභය මහතාව අප්‍රසාදයට ලක්වීමට බැසිල්ගේ වැඩපිළිවෙළ හේතුවනවාට සැක නැහැ. බැසිල්ගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමට ගහන ගේම් නිසා මහජනතාවට නැවත වරක් පරාජය අත්වේදැයි සැකයි.

:       1       12

Dewa Friday, 12 March 2021 04:29 AM

මේවා.. මෙයාලගේ මාධ්‍ය සංදර්ශන... මහජනතාවගේ අවධානය වෙන පැත්තකට හරවන වැඩ සමහර හාමුදුරුවරු කරන්නෙත් ඒකයි.

:       0       9

sharm warn Friday, 12 March 2021 05:48 AM

හරියට හරි දේවා. මේ ගොල්ලෝ අර ළදරු පාසලේ ළමයි වගේ විදුහල්පතිට පැමිණිලි කරනවා. දවස් 2ක්, 3ක් ගියාම විදුහල්පති පැමිණිලි කාරයින්ට අවවාද කරනවා සමගිවෙලා වැඩ කරන්න කියලා... මොකෝ කිව්වොත් විදුහල්පති දන්නවා ... අර දඟ ළමයා එළියට දැම්මොත්... ඇඳි වතත් නැතිව එළියට යන්න වෙන්නේ කියලා.

:       0       6

jagath Friday, 12 March 2021 08:38 AM

ඔව් ඒක හරි.. විමල් ලෑස්ති වෙන්නේ පොහොට්ටුවේ ඉඳන් පොහොට්ටුවට ගේම් ගහලා තනියම උඩට යන්නයි. මුලු ඔලුවම කන්නයි සූදානම.

:       2       3

කපුරුහාමි Friday, 12 March 2021 01:11 PM

එක එකා කේළම් කිව්වා කියලා අගමැති, විමලෙ අයින් කරන එකක් නැහැ.. විමලෙගේ වාචාල හැකර කට හින්දා තමයි ඔය කවුරු කවුරුත් අද ඔහොම ඉන්නේ...

:       0       4

janabala asamagi Tuesday, 16 March 2021 03:47 AM

ඔය එක පෙළක්වත් පහුගිය කාලේ හිටියේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site