(අංජුල මහික වීරරත්න)
එප්පාවල පොස්පේට් නිධිය ප්‍රයෝජනයට ගෙන කාබනික පොහොර නිෂ්පාදනයට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මෙරට පොස්පරස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,25,000 - 1,75,000 අතර වන බව කී අලුත්ගමගේ මහතා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගෙන්නේ ඉතිහාසයේ පළමු වරට බවද කීය.
රටෙි අවශ්‍යතාව ඉටුකරගැනීමට හෝ වෙනත් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් මෙතෙක් එප්පාවල පොස්පේට් නිධිය කිසිදු ප්‍රයෝජනයකට ගෙන නැති බව පැවසූ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෝකයේ පොස්පේට් නිධි තවත් වසර 40 කින් අවසන් බවට විවිධ පර්යේෂණ මගින් තොරතුරු හෙළිකර තිබෙන නමුත් එප්පාවල පොස්පේට් නිධිය තව වසර 200 ක් ප්‍රයෝජනයට ගතහැකි සුවිශාල ජාතික සම්පතක් බවද සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පොස්පේට් සමාගම, සින් ටෙක් ආයතනය හා කොළඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පොස්පේට් නිධිය යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ පොහොර මෙට්‍රික් ටොන් 50,000 ක් නිෂ්පාදනය කර ක්‍රමයෙන් එම ධාරිතාව ඉහළ දැමීමට තීරණය කොට තිබෙි.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (24) අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ ජනතාව කොතරම් අවාසනාවන්තද.
මේ කොරෝනා අස්සේ ඔය මගුල් කරන්න බැහැ. පරණ පුරුදු විදිහට ගොවියාට ගොවිතැන කරගෙන යන්න ඉඩ දෙන්න. නැතිනම් අර හාමුදුරුවෝ කිව්ව විදිහට පීඩනයට පත්වන ජනතාව වීදි බැස්සොත් ඔබලාට දුවන්න පාර ඉඩමදි වේවි...!!!
රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණ මෙහෙය වූ අය විසින්, 'පොස්පේට් නිධිය සුරකිමු'... යනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර වුවද මෙහෙයවිය හැකිය...
විමලෙට කටුව ගැහුණා වගෙයි...
සුපිරි හොරෙක්ගෙන් ඒක අහන්න වීම ගැනයි බය. අඩුමගානේ 60%කවත් ආදායම පිට පාරෙන් යයි.
පොස්පේට් කියන්නේ රසායනික ද්‍රව්‍යයක් නොවේද? ඒවා යොදලා හදන පොහොර කාබනික පොහොර ලෙස නම්කළ හැකිද?
එප්පාවල පොස්පේට් කියන්නේ රසායනික ද්‍රව්‍යක් මේකේ මූලිකවම අඩංගු වෙන්නේ කැල්සියම් පොස්පරස් සහ ෆ්ලුවරිඩ් කියන රසායනික සංයෝග.
මෙයාත් අර බන්දුල ගුණවර්ධන වගේ කයිවාරු පමණයි. මහා ලොකුවට මෙයා පම්පෝරි ගැහුවා හාල් ඇටයක්වත් පිටරටින් ගේන්න ඉඩ දෙන්න නැහැ කියලා. නමුත් පාකිස්තානයෙන් හාල් ආනයනය කරන්න කැබිනෙට් අනුමැතිය දෙනකොට මෙයා කොහෙද හිටියේ? ඒ වගේ තමයි මෙයා වරක් කිව්වා රජයක් වුවත් හාල් මෝල් කාරයින් ඉදිරියේ දණගහන්න වෙනවා කියලා...
මොකුත් හරියට ඉගෙන ගත්ත නැති බයියො රෑනක් කැබිනට්ටුවට රිංගල රට වනසනවා. ඒ ඒ ක්ෂේත්‍රයට අදාල දැනුමැතියෝ උන්ට සර් කියන්න දමල. රට ගොඩ ගන්න ආපු ස මෙහෙම කරයි කියල කව්ද හිතුවේ. බලපුවාම එයත් නියම උගතුන්ට බයයි වගේ.
මේ නිධියෙන් පොහොර හදන්න නං සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවන්න ඕන . ඒක ලොකු වියදමක් වගේම ලොකු තාක්ෂණික වැඩක්. ඒ වගේම ඒකෙන් ලැබෙන්නේ රසායනික පොහොර . කිසිම ආයෝජකයෙක් ඒක ලංකාවේ කරන්න කැමති නෑ . උන්ට ඕන නිධිය පිටින් ගන්න . ඒක ලොකු වස්තුවක් . අපේ ඇමති කියනවා ඒකෙන් කාබනික පොහොර හදනවාලු. කමක් නෑ ඉතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
වැඩේ නම් ඉතාමත්ම හොදයි "ගොයියෝ"..... ඉතින් "කැටයම් කලාව පැත්තකින් තියල තටම තටම" ඉන්නේ නැතිව වැඩේ ඉක්මන් කලොත් රටට හොදයි....
පොස්පේට් යොදා හදන පොහොර රසායනිකයි...
ඒගොලන් කලින් ඒක කරල ඕක බේරගත්ත නිසා තමයි ඉතිරිවෙල තියෙන්නෙ? ලංකාවෙ නෙවෙයිද හිටියෙ , බැංකු සංගම් පවා ඒ සටනට ආව, හැත්තෑවක් රට කරපු දෙපැත්තෙම අය ඕක විකුනන්න හැදුව, පොස්පේට් කාබනික නෙවෙයි. ඒක රසායනික ක්‍රම මගින් තමයි භාවිතයට ගන්න පුළුවන් විදියට සකස් කෙරෙන්නෙ. මේක කරන්න තිබුනෙ බොහොම කාලෙකට පෙර මේක කාබනික වැඩක් නෙවෙයි ජාතියක් හැටියට තම සම්පත් භාවිතා කිරීමක් මේව නොකෙල එකට ටොකු ඇනගන්න කියන්න ඇමතිට.
ඉස්සරවෙලාම ඔකෙ ප්‍රධානිිය ලෙස අපේ මිනිහෙක් හරි පවුලෙ කෙනෙක් හරි දාගන්න. වැඩේ මාස හයෙන් ගොඩ
ගෙදර නිධානයක් තියාගෙන හිඟාකන තත්ත්වයට රට පත්කරල ආයෙ කයිවාරු, කරයි කියල තමයි බය, එහෙම කියන්නෙ කඩදාසි, උක් වගේ කර්මාන්ත ශාලා ආරම්භ කරපුු හැටියට
අපිට ඉස්කෝලේ කාලේ සර් කෙනෙක් කිව්ව කතාවක් මතක් වුණා. ජපානේ ස්වාභාවික සම්පත් තිබුණාට එයාලා ඒවා පාවිච්චි කරන්නේ නෑ. එයාලා ඒවා තියාගෙන පිටරටවල්වලින් ගෙනත් පාවිච්චි කරනවා. හේතුව යම් කිසි කාලෙක අනික් රටවල ඒවා ක්ෂය වුණාම එයාලාට එයලාගේ ඒවා පවිච්චි කරන්න පුලුවන් වෙනවා කරදරයක් නැතුව. ඒ වගේ ජාතික ප්‍රතිපත්ති ලංකාවට නම් හීනයක්...
මේ කට්ටියම බලේ ඉන්නකොට මන්නාරම් ද්‍රෝණියේ තෙල් මේ දැන් හම්බවෙනව වගේ පට්ටම පට්ට බොරැ කෙලියෙ ඉතිං මේ අය කොහොම විශ්වාස කරන්නද. මේ ඔක්කොම එකයි.